පාස්කු ප්‍රහාරයට වසර 4 යි – යුක්තිය තවම ඈතයි !

Date:

ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක් අඳුරුතම දිනයක් වශයෙන් සැලකෙන පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අදට (21) වසර 4ක් සපිරේ.

2019 අප්‍රේල් 21 වනදා මෙරට කතෝලික පල්ලි තුනක් හා කොළඹ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ද ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කෙරිණි. මීට අමතරව දෙහිවල ප්‍රදේශයේ ලැගුම්හලක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී ද එදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය.

මෙම ප්‍රහාර එල්ල කර තිබුණේ ජාතික තව්හීද් ජමාත් නම් ඉස්ලාම් අන්තවාදී සංවිධානයක සාමාජිකයින් වන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසිනි. මෙයින් මියගිය සංඛ්‍යාව 277 දෙනෙකි. විදේශිකයින් 45 දෙනෙකු ද ඒ අතර වූහ. තවත් 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරයට පෙර ඉන්දීය බුද්ධි අංශ විසින් මෙවැන්නක් සම්බන්ධ පූර්ව අනතුරු හැඟවීම් සිදුකර, අදාළ තොරතුරු රැසක් ද ලබාදී තිබුණු නමුත් මෙරට ආරක්ෂක අංශ ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණු බව පසුව අනාවරණය විය.

බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පිරිසකට මේ වනවිට නඩු පවරා ඇති අතර ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට අධිකරණයෙන් දඬුවම් ද නියම කර ඇති නමුත් ඒ දඬුවම් ද මෙතෙක් ක්‍රියාත්මක වී නැත.

එසේම මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකසහිත සිදුවීම් රැසක් පිළිබඳ එහි විමර්ශනවලදී අනාවරණය වී තිබුණු අතර ප්‍රහාර මාලාවේ සැබෑ මහමොළකරු තවමත් අනාවරණය වී ඇතිද යන්නත් ගැටලුවකි.

එමෙන්ම මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පූර්ව අනතුරු හැඟවීම් ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බලධාරීන්ට හුදෙක් දඩ මුදල් පමණක් නියම කිරීම ප්‍රමාණවත්ද යන්න මීළඟ ප්‍රශ්නයයි.

ජීවිත 277ක් බිලිගෙන, තවත් 500 කට අධික පිරිසකට තුවාල සිදුකර, සිය සමීපතමයින් අහිමිවීමේ වේදනාවෙන් තවත් විශාල පිරිසක් අදටත් පීඩනයට පත්කර, රටේ ආර්ථිකයටත් මරු පහරක් එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එහි වින්දිතයින්ට තවමත් යුක්තිය ඉටු වී නොමැති බව පැහැදිලිය.

වසර හතරක් යනු දිගු කාලයකි. තවත් කොතෙක් කල් යුක්තිය වෙනුවෙන් මගබලා සිටින්නට සිදුවේද ?

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...

දේශීය නිෂ්පාදකයින් රැකගන්න පාර්සල් රේගු බදු වෙනස් කළා. වැඩේ ගාණට යනවා – ඇමති චතුරංග

ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදකයින්ට දැවැන්ත තර්ජනයක් වී පැවති තනි...

Starlink : රනිල් මස්ක්ට ස්තූති කරයි. ඉක්මනින් නැවත හමුවීමටත් බලාපොරොත්තුවෙන්

Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සඳහා ශ්‍රී ලාංකිකයින්ට ප්‍රවේශය ලබාදීම...

කහවත්තේ OIC යාපනයට මාරු කරයි

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ. ඒ,...