අලුත් OIC ට මම විරුද්ධ වුණා තමයි – සනත් නිශාන්ත කරුණු කියයි (VIDEO)

Date:

ආණමඩුව පොලිස් ස්ථානය සඳහා අලුතින් පත්කරන ලද ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කළ බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

“අපේ ආණමඩුව පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතාවයක් මත මාරුවුණා. මෙතන පුරප්පාඩුවක් ඇතිවුණා. ඒ සඳහා අලුත් නිලධාරියෙක් පත්කරලා එවලා තිබුණා. ඒ එවපු නිලධාරියා මීට මාස කිහිපයකට පෙර මාදම්පේ පොලිසියේ ස්ථානාධිපතිවරයාව සිටියදී ඔහුට විරුද්ධව විසිධ අක්‍රමිකතා සහ දූෂණ චෝදනා එල්ල වෙලා තිබුණා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඔහුට පොලිස්පතිතුමා විසින් කරපු පරීක්ෂණයකින් ඔහු වැරදිකාරයා වෙලා තමයි පිටත් කළේ. මාදම්පේට හොඳ නෑ කියන ඔහුව මගේ ආසනයට එවපු එකටයි මම විරුද්ධ වුණේ. ඒ සම්බන්ධයෙන් මම ලිඛිතව දැනුම් දුන්නා. ස්ථානාධිපති පත්කිරීමේදී අපි බලපෑම් කරන්නේ නැහැ. හැබැයි දූෂිත නිලධාරීන්ට මගේ ආසනයට මම එන්න දෙන්නේ නැහැ”

සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ මේ පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...