පාස්කුව රක්ත වර්ණයෙන් තෙත්වුණ දිනය පසු වී අදට වසර 4ක්!

Date:

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර හතරක් පිරීම නිමිත්තෙන් සමරු වැඩසටහන් මාලාවක් ඊයේ (20) සහ අද (21) දෙදින සමරු වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති අතර, මෙහි ප්‍රධාන සමරු උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානයේ දී පැවැත්විණි. එම අවස්තාවට සර්ව ආගමිකනායකයින්, තානාපතිවරුන් ඇතුලු ගිහි පැවිදි ආරාදිත අමුත්තන් සහ ප්‍රහාරයේ වින්දිතයින්ද සහභාගි වී සිටියහ.

මෙම සමරු වැඩසටහනට සමගාමීව ඊයේ (20) රාත්‍රී කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්තානයේ විශේෂ දේවමෙහෙයක් ද පැවැත්වූ අතර, එමඅවස්තාවට පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් බවට පත්වූ පිරිස ඇතුලු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

දේව මෙහෙය අවසන් වීමෙන් පසුව කොලඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය දක්වා පාගමනක්ද සංවිධානය කොට තිබුණු අතර, එම පාගමන අද(21) උදෑසන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්තානය වෙත ලගා වුණි.

අද දින පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවති අතර, කතෝලික සභාව සදහන් කළේ අදාළප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙය සංවිධානය කළ බවයි.

සියලුම ඡායාරූප නරඹන්න!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීකි බ්ලයින්ඩර්ස් වලින් ආභාෂය ලත් ඇඳුම් ඇඳීමෙන් ඇෆ්ගන් කොල්ලො ටිකකට තලේබාන් රජයෙන් නියෝගත් ලැබිලා!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): "පීකි බ්ලයින්ඩර්ස්" රූපවාහිනී...

කැන්ගරු පිටේ නැඟුණු සිංහයෝ ජෝඩුව සිංහයන්ට එරෙහිව එති

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: එළැඹෙන අවුරුදු 19 න්...

පැරා තව ලෙලදිය යුතු අඩකුඹු ධජයකි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: මේ දිනවල ආසියානු යොවුන්...