පාතාලයට, කුඩු ජාවාරමුන්ට අහුවෙන්න එපා. කෙලින් ඉන්න – ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙස්

Date:

කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් 189ක ගේ විසිරයාම ඊයේ දිනයේ (20) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

එහිදී උප පොලිස් පරීක්ෂකවරුන් 167 දෙනෙකු හා උප පොලිස් පරීක්ෂකවරියන් 22 දෙනෙකු විසිර ගියහ.

තම රාජකාරී දිවිය තුල දූෂිතයින්ගේ ගොදුරක් නොවී රටේ සාමය ඇතිකිරීමට දායක වීම නවක පොලිස් නිලධාරීන්ගේ වගකීමක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ටිරාන් අලස් මහතා,

“දැන් තමුන් මේ පොලිසියට බැඳුනහම, අද ඉඳන් වැඩ කරන්න පටන් ගත්තහම විවිධ අභියෝග වලට මුහුණ දෙන්න වෙයි. පොලිස් ස්ථාන වලට ගියාම ඒ පළාතේ සිටින; අපි හිතමු පාතාලයට සම්බන්ධ, මත් ද්‍රව්‍ය වලට සම්බන්ධ සියළු පුද්ගලයන් ඔබ වටා සැරිසරන්න ගනියි. සමහර විට ඔබ සියළු දෙනාටම බලපෑම් කරන්නත් ගනියි, කවදාවත් ඒ උදවියගෙ ගොදුරක් බවට පත් වෙන්න එපා.

ඕනම ආයතනයක පොලිසියද, ත්‍රිවිධ හමුදාවද, රජයේ ආයතනයක් උනත් ඕනම තැනක අතලොස්සක් ඉන්නව නරක මිනිස්සු. පොලිසිය ඇතුලෙත් ඒ වගේ ඉන්නව. ඔබලා ඒ පොලිසි වලට ගියාම සමහරවිට ඒ උදවියත් ඔබලව ගොදුරක් කරගන්න බලයි. එහෙම වෙන්න එපා, කෙලින් ඉන්න.

අපි මේ වෙලාවෙ මත් ද්‍රව්‍ය නැති කරන්න, පාතාලය නැති කරන්න ගෙන යන වැඩපිළිවෙලවල් වලට එකතු වෙන්න.”

යැයි පුහුණුව අවසන් කළ උප පොලිස් පරීක්ෂකවරුන් හට අරාධනා කළේය.


RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...