දරු දැරියන් වෙත බෙදා දීමට නියමිත ඇතැම් සහල් තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට හෙළිදරව්වක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):ලෝක ආහාර වැඩසටහනට අනුව දරු දැරියන් වෙත බෙදා දීමට නියමිත ඇතැම් සහල් තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු බව , වේයන්ගොඩ සහල් ගබඩාවේ ගබඩා කර තිබූ සහල් සාම්පල 100කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ ,

“රජයේ පාසල් වෙත ලබා දී ඇති සහල්වල කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ඇති බවට අපිට මුලින්ම වාර්තා වුණේ උතුරු ප්‍රදේශයෙන්. පසුව පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ද තොරතුරු වාර්තා වුණා. ඒ අනුව තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක් මෙම ආහාර ගබඩා කර ඇති වේයන්ගොඩ ගබඩාව පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත්තේ.

මෙම පරීක්ෂාවේදී රජයේ රස පරීක්ෂකවරයා විසින් ලබා දී තිබූ උපදෙස් අනුව ගබඩාවේ තිබූ ආහාර සාම්පල 100 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එම සාම්පල පරීක්ෂා කර ඇති රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. එම වාර්තාවලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් යවන ලද සාම්පලවලින් 50% කට වැඩි ප්‍රමාණයක ආහාර පරිභෝජනයට ගත නොහැකි බව තහවුරු වී තිබෙනවා. එම තත්ත්වය මත මෙම ආහාර පාසල් දරුවන්ට ලබා දීමට පෙර ඒ සම්න්ධයෙන් විධිමත්ව සොයා බැලීමක් කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. පාසල්වලට ලැබී ඇති ආහාරවල කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ බව ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර උපදෙස් ලබා ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිනවා.

එමෙන්ම මේ කරුණු නොසලකා හැර කිසියම් පාසලක දරුවන්ට ආහාර ලබා දී ඇත්නම් අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවාට ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. එසේ නොමැතිව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර දරුවන්ට ලබා නොදෙන ලෙසත් අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...