මැයි මස 06 දක්වා කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්!

0
285

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 22, කොළඹ (LNW):පසුහිය දා සිදුවූ ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

එම නඩුව අද (22) යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම මෙම නියෝගය කළ අතර ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරුණු බව සඳහන් වේ.