*
Friday, November 22, 2024
spot_img

Latest Posts

මතක මංගල ….

ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ රජුන් තැනූ මංගල පිළිබඳව ඊයේ (21) දිනට යෙදුන ඔහුගේ 66 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙවැනි සටහනක් ලියන්නට වීම අප කිසිවිට නොසිතූ දෙයකි, නොපැතූ දෙයකි.

1956 අප්‍රේල් 21 දින උපත ලද මංගල පින්සිරි සමරවීර 2005 – 2007 අතර කාලයේ මෙන්ම 2015 – 2017 අතර කාලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඔහු 2017 සිට 2019 අතර කාලයේ ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මුදල් ඇමති පදවිය ද හෙබවීය. මංගල සමරවීර කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලබා ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා විද්‍යාලයෙන් බී ඒ ගෞරව උපාධියත්, ඇදුම් නිර්මාණ හා තාක්ෂණය පිළිබඳ බී ඒ ගෞරව උපාධියත් ලබාගත්තේය.

මහානාම සමරවීර නම් සිය පියාගෙන් පසු දේශපාලනයට පිවිසෙන මංගල 1988/89 භීෂණ සමයේ අතුරුදහන් වූ තරුණ තරුණියන් වෙනුවෙන් පෙනීසිටි ක්‍රියාකාරිකයෙකි. ඔහු 1990 දී පිහිටවූ මවු පෙරමුණේ සමාරම්භකයෙකු ද විය.

ලිබරල් දේශපාලන මතවාදියෙකු වූ මංගල 1995 සුදු නෙලුම් නමින් ව්‍යාපාරයක් අරඹා රටේ පැවැති වර්ගවාදී යුද්ධයට සාමාකාමීව දේශපාලන විසඳුමක් සෙවීම වෙනුවෙන් ව්‍යවස්ථා කෙටුම්පත් පවා ගෙන ඒමට කටයුතු කරන්නට විය. මංගල සමරවීර බොහෝවිට නිර්භයව ප්‍රකාශ නිකුත්කිරීම මෙන්ම ජාති, ආගම්, ලිංගිකත්වය පිළිබඳ භේදයකින් තොරව සියලුම ජාතීන්ගේ සහ පුද්ගලයින්ගේ සමානාත්මතාව මානව අයීතීන් පිළිබඳව හඬ අවධිකළ පුද්ගලයෙකි. ඒ නිසාවෙන් ම නිරන්තර කතබෙහට ලක් වූවෙකි.
ඔහු රට වෙනුවෙන් ප්‍රගතශීලී දේශපාලන ගමන් මඟක් නිර්මාණය කළ අයෙකි. පසු කාලීනව බිහි වූ රැඩිකල් සෙන්ටර් ඒ අනුව යමින් විවිධ සිවිල් සංවිධානවල සහයෝගයෙන් බිහි කරන ලද්දකි.

මංගල ඉතිහාසය තුළ අනෙකුත් දේශපාල ඥයන්ට සාපේක්ෂව රටට ආදරය කළ නායකයෙකි.

මේ වන විට රටේ පවතින අර්බුදය තුළ මංගලගේ අඩුව වඩ වඩාත් දැනෙමින් ඇත.

ඔහු සිය අවසන් කාලයේදී පක්ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ටික් ටොක්, යූ ටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවල තරුණ පරම්පරාව සමඟ දේශපාලනය කිරීමට උත්සාහ කළේය. නමුත් ඊට ප්‍රමාණවත් කාලයක් ඔහුට ලැබුණේ නැත. මේ වන විට ඒ තරුණ පරම්පරාව ආණ්ඩු විරෝධී පුළුල් ජන මතයක් රට තුළ ඇති කරමින් පාරට බැස ඇත. නමුත් ඔවුන් සමඟ දේශපාලනය කරන්නට, ඔවුන් සමඟ අත්වැල් බැඳ ගන්නට දේශපාලන දැක්මකුත්, වුවමනාවකුත් තිබුණු මංගල අද නැත.

ඒමෙන්ම රට තුළ පවතින දේශපාලන අර්බුදය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද බරපතළ ලෙස බලපා ඇත. ජනතාව මහපාරට බැස ආණ්ඩුවට එරෙහිව සති තුනකටත් වැඩි කාලයක් අඛණ්ඩව විරෝධය පාමින් සිටියදී පවා පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පෙරළා දැමීමට විපක්ෂය අසමත්ව සිටින්නේ විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අතර එකමුතුව නොමැති නිසාය. “225ම එපා” යැයි කියනා තැනට ජනමතය මෙතරම්ම තල්ලු වෙමින් පවතින්නේ මේ එකිනෙකා කුළල් කා ගන්නා බඩගෝස්තරවාදී දේශපාලනය නිසාමය. බොහෝ විට අද මංගල සිටියා නම් පක්ෂ අතර සහයෝගීතාවය ඇති කරමින් එක මතයක් වෙනුවෙන් පක්ෂ විපක්ෂයේ පෙළ ගැස්වීමට කටයුතු කරනු ඇත. සැබැවින්ම ඒ ශක්‍යතාවය ඔහු සතු වන අතර ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ අවස්ථා රැසකදී ඔහු එය පෙන්වා ඇත.

ඒ අනුව, මානව හිතවාදියෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු වූ ඔහු වෙන කවරදාකටත් වඩා අද සිටියා නම් හොඳය …

සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan