*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

හේෂාට D.V. චානකගෙන් සැර පිළිතුරක්

පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ විපක්ෂය වැඩි වශයෙන් කතා කරන්නට යෙදුනේ රඹුක්කන විරෝධතාවය පිළිබඳවයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රඹුක්කන පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා එජාප යොවුන් පෙරමුණේ සාමාජිකයෙක් බවත් හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහ මහතාගේ ආධාරකරුවෙකු බවත්ය.

නමුත් මෙම ස්ථානයේ පක්ෂ භේදයකින් තොරව එක්වී කළ විරෝධතාවයක් බවද සඳහන් කළේය.මේ අතර D.V චානක අමාත්‍යතුමන්ගේ කතාව අතර තුර හේෂා විතානගේ මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. මෙම වෙඩිතැබීමට පොලීසියට දෝෂාරෝපණය කළ කොහැකි බවත් වෙඩි තැබීමට අණ දේශපාලනය හස්තය හෙළි කරන බවටත් ඔහු චානක අමාත්‍යවරයාට පවසා සිටියේය.

මෙහිදී මන්ත්‍රීවරයාට D.V චානක අමාත්‍යවරයා සැර පිළිතුරක් ලබා දුනි. එනම් පාර්ලිමේන්තුව තුල විපක්ෂය කිඹුල් කඳුළු හෙලනවා හැර වෙනත් දෙයක් සිදු නොකරන බවයි. අරගල කරන්නේ ශ්‍රී ලාංකිකයන් මෙන්ම පොලීසියේ සිටින්නේද ශ්‍රීලාංකිකයන්ය. යහපාලන සමයේ හම්බන්තොට උද්ඝෝෂණයට ගිය අවස්ථාවේ ඔවුන්ව හිරේ දැමූ පොලිස් ස්ථානාධිපති වරයා තවමත් හම්බන්තොට පොලීසියේ ස්ථානාධිපති බව අමාත්‍යවරයා සඳහන් කළා. එසේම මහජන ආරක්ෂාව තහවුරු කිරීම පොලීසියේ රාජකාරිය බැවින් ඔවුන් සමග ගැටුම් ඇති කරගෙන පළක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එසේම අමාත්‍යවරයා හේෂා විතානගේ මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ රඹුක්කන කෝලහාලය පාලනය කිරීමට පොලීසිය විසින් වෙඩි තැබීම දේශපාලනීකරණය කරනවානම් යහපාලන සමයේ උද්ඝෝෂණ වලට සහභාගී වූ පිරිස සිරගත කරන්නට පොලීසියට නියෝග දුන්නේ එවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද යන්නයි. එහිදී හේෂා මන්ත්‍රීවරයා නිරුත්තර විය.සත්‍ය වශයෙන්ම බැලූ කල යහපාලනය දේශපාලන පළිගැනීම් සඳහා නීතිය අතට ගැනීම බහුලව එකල දක්නට ලැබුණි. පොලිස්පතිවරයා නීතිය නවන බව ඔවුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබුණි.

අධිකරණ විනිසුරුවරුන් මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් ගෙන නඩු තීන්දු ලබාදීම සඳහා උපදෙස් පතන තත්වය⁣ට විනිසුරුවරුන්ගේ කොඳු බිඳ දමා තිබුණි. එමෙන්ම යහපාලන සමයේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ වැඩවර්ජනයක් කළ සේවකයන්ට වෙඩි තබා මර්ධනය කිරීමට යහපාලන රජය කටයුතු කළේ නීතිය අතට ගනිමින්ය. පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් අහිංසක ජීවිත 290ක් පමණ බිලි දී බලා සිටි හරීන් වැනි මන්ත්‍රීවරුන් අද තෙල්බවුසරයක් ගිනිතැබීමට යාමේදී සිදු වීමට ගිය විනාශය වළක්වා ගැනීමට පොලීසිය වෙඩිතැබීම පිළිබඳ ජාතික අපරාධයක් සිදු උනා සේ කිඹුල් කඳුළු හෙලයි. මෙවැනි නාට්‍ය වලින් තවදුරටත් ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට විපක්ෂයට නොහැකි වනු ඇත.

සංදේශය Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan