ඉදිරි කාලය සුභ වේ​වි

Date:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීමට තිබෙන සැලසුම පිළිබඳ ඇමරිකානු මාධ්‍ය ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා පිළිතුරු ලබා දීම සිදුකලා.

රුපියල පාකිරීමත් සමඟ මේ වනවිට ශ්‍රී ලංකා ආර්ථිකය යම් අර්බුදයකට මුහුණ පා ඇත.එය ක්‍රමානුකූලව විසදාගතයුතු ගැටලුවකි. රුපියල 60% ත් 70% ත් අතර ප්‍රමාණයකින් අවප්‍රමාණය වී තිබීම, ආහාර මිල සහ උද්ධමනය ඉහළ යාමට බලපා ඇත. එනිසා ඒ පිළිබඳ දැඩි අවධානයකින් යුතුව පියවර ගත යුතුය . දළ දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව බදු ආදායම 8.6% පවතී එය 13%ත් 14% ත් අගයකට රැගෙන ආ යුතුය . එය මේ වනවිටත් තේරුම් ගෙන ඇති අතර එය ඉටු කරන ආකාරය පිළිබඳ පාර්ශව කීපයක් සමඟ සාකච්ඡා කරමින් පවතී .බැඳුම්කර හිඟයන් සහ ණය පාර්ශවයන් සමඟ විශ්වාසය ගොඩනැගෙන්නේ කෙසේද යන්න මාධ්‍ය වේදිනිය මුදල් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

ඒ පිළිබඳ ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ මූලික අධියරේ බවත් ඔවුන් සමඟ සංනිවේදනය කර තත්ත්වය පැහැදිලි කිරීමට කටයුතු කරන බව එතුමා පැවසීය. එම සියලු පාර්ශවයන් සමඟ සමානව සහ විනිවිදභාවයෙන් යුතුව ගණුදෙනු කරනු ලබයි. නමුත් මූල්‍ය සහ නීතී උපදේශකයන් පත් කරනතුරු කිසිදු ක්‍රියාදාමයක් සිදු කිරීමට නොහැකි බව මුදල් අමාත්‍යවරයා පැවසීය . ඉදිරි දින 20ත් 15ත් අතර කාලය තුලදී

අවශ්‍ය කටයුතු සම්පූර්ණ වන අතර ඉන් පසු නිවැරදිභාවයෙන් යුතු විනිවිද යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම සිදුවේ.ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ද මුදල් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කලා. ලෝක බැංකුව සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඉන්දියාව , ජපානය සහ චීනය සමඟත්ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය . එහිදී ටම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන අතර එමඟින් ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ඉතා ඉක්මනින් ගොඩ ඒමට හැකිවේවි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සභාපති ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසා සිට්න්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා මාර්ගයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීමට ඇය එකඟතාව පල කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝගය විසදීමට ඉතා නුදුරේදීම හැකිවනු ඇත. ඒ සඳහා අවශ්‍ය ගමන් මඟ මේ වනවිට සැකසෙමින් පවතී. ඉදිරි දින කීපය තුළ දී ගැටලු විසදී ආර්ථිකය යහපත් තත්ත්වයට ගෙන ඒමට හැකි වේවි…

රෂිකා සඳමාලි හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...