වැටුණු රට හදන මාර්ග සිතියම කෝ? සජිත්ගේ ප්‍රශ්න කිරීම හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.සභාවත් කල් තැබෙයි (VIDEO)

0
1312

මේ වනවිට බරපතල ඛේදවාචකයකට ලක්ව ඇති අපේ රට ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග කවරේදැයි කිහිපවිටක් තමන් ප්‍රශ්න කළ නමුත් ආණ්ඩුවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) යළි පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය.

ආණ්ඩුව මේ වෙනවිට කැබිනට්ටුවක් පවා පත්කොට ඇතත් තාමත් රට අයාලේ යමින් තිබෙන බවයි විපක්ෂ නායකයා සඳහන් කළේ.

රට මුහුණ දී සිටින ඛේදවාචකයට හේතුව ජනාධිපතිවරයා සතු සුපිරි බලය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ අනුව වහාම මේ රට ගොඩනගන වැඩ පිළිබඳ වැඩපිළිවෙළ කියන ලෙසයි ප්‍රේමදාස මහතා ආණ්ඩුවට අභියෝග කළේ.

විපක්ෂ නායකයාගේ මෙම කරුණු දැක්වීම හමුවේ සභාව උණුසුම් වූ අතර සභාව කල් තැබීමට කථානායකවරයා පියවර ගන්න ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here