රාජ්‍ය අමාත්‍ය ධුරයක් වෙනස් වෙයි. ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙයි

පසුගිය 19 වනදා වරාය හා නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් විජිත බේරුගොඩ මහතා අද (22) උදෑසන වෙනත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට පත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.

RN