රඹුක්කන වෙඩි තැබීම සිදුව ඇත්තේ පොලිස්පති නියෝගද නොසලකමින් – මානව හිමිකම් කොමිසමේදී අනාවරණය වෙයි (VIDEO)

Date:

රඹුක්කන මහජන විරෝධයට පොලීසිය වෙඩි තබා ඇත්තේ පොලිස්පතිවරයා විසින් ලබා දී තිබූ උපදෙස් ද නොතකමින් බවට අද (22) මානව හිමිකම් කොමිසමේදී ආනාවරණය වී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවනු ලැබ තිබුණි.

එම කටයුත්තෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ මහජන විරෝධතා, උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා කිසිවිටෙක තුවක්කුව භාවිතා නොකරන ලෙස මීට මාස කිහිපයකට ඉහතදීම පොලිස්පතිවරයා සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට කරුණු දක්වා තිබේ.

එලෙස උපදෙස් දී තිබියදීත් එය නොසලකා කටයුතු කළ නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවටද පොලිස්පතිවරයා එහිදී එකඟ වී ඇත.

කෙසේවෙතත් ඉදිරියේදී රට පුරා මේ වන විට පවතින තත්ත්වයන් පාලනය කිරීමට තුවක්කු භාවිතා කිරීමෙන්ම වළකින බවද පොලිස්පතිවරයා පැවසූ බවයි කොමසාරිවරයා පැවසුවේ.

පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන් මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේ සිවිල් සංවිධාන නියෝජිතයින් කණ්ඩායමක් විරෝධය ද පළ කළේය,

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...