තව මාස කිහිපයකින් රනිල් ජනපති වෙනවා – රාජිත

Date:

කොළඹ LNW:තව මාස කිහිපයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වන බවත් එම ආත්ම ශක්තියෙන් තමන් සටන් කරන බවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩගැනීමට හැකි එකම නායකයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.

“හිර ගෙවල්වල ලැගලා හරි මේ රට මුංගෙන් මුදවලා රනිල්ගේ ප්‍රධානත්වයෙන් හදන එක්සත් ජාතික පක්ෂයක් අපි හදනවා” යනුවෙන් සේනාරත්න මහතා කියාසිටියේය.

“දැන් මේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. එතකොට මිනිස්සුන්ට මතක් වෙනවා ආපහු මේක කාටද ගොඩනගාගන්න පුළුවන්.රෑත් වැටුනා ගෝඨාභය එක්ක වලේ. දවල්ට වැටුණා අනුරත් එක්ක වලේ. තව සජිත් එක්ක උදේ වරුවට වැටෙන්න ලෑස්ති ලෑස්ති එකේ මොලයක් තියෙන එකෙක් නෑ ලංකාවේ. එතකොට තියෙන ඉතුරු එකම විසඳුම රනිල් වික්‍රමසිංහ.මම හැමදාම කියන එකක් තමයි රනිල් වික්‍රමසිංහගේ මුහුණ දිහා බලන්න එපා. අත උස්සල අතවේව් කරන හැටිවත්,මිනිසුන්ගේ කරට අතදාන අතක් ගැන කතා කරන්න එපා. එතුමගෙ මේ හිස්කබල ඇතුලෙ තියෙන මොළය කියන එක බලන්න. අර අනිත් ඒව මොනා තිබුනත් වැඩක් නෑ ඔන්න ඔය කෑල්ල නැත්නම් නායකයෙකුට. මෙන්න මේ මොළේ තියෙන මේ රට අර්බුදයෙන් ගොඩනගාගන්න පුළුවන්,එකම නායකත්වය තියෙන්නේ රනිල් වික්‍රමසිංහට විතරයි. ඒ ආත්ම ශක්තියෙන් තමයි අපි සටන් කරන්නේ. අපි තව ඉස්සරහට යනවා මේ මැතිවරණයේදී. අපි මහා විශාල ජයග්‍රහණයක් නොලැබුවත් අපේ ජයග්‍රහණය ඉදිරියට පෙනි පෙනී තියෙනවා.අපේ රට දිනන ජයග්‍රහණය තමයි එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය.රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය වැඩි ඈතක නෑ.ඒක අවුරුදු ගණන් නැහැ. මාස ගානකින් ඒක වෙයි.ඉක්මනින්ම රනිල්ව ගේන දවස තමයි ඉක්මනින්ම අපේ රට හදන දවස. ඒක පරක්කු කරන්න කරන්න අපේ රට ප්‍රපාතයට යනවා.හිර ගෙවල් වල ලැගලා හරි මේ රට මුංගෙන් මුදවලා රනිල්ගේ ප්‍රධානත්වයෙන් හදන එක්සත් ජාතික පක්ෂයක් අපි හදනවා” යනුවෙන් හිටපු අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (21) සිරිකොත එජාප මූලස්තනයේ පැවති හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...

චීන-දකුණු ආසියා සම්බන්ධතා ශක්තිමත් කරමින් 09 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද (19) නිරිතදිග...