ලංකාවේ කෙල්ලො ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකානු කෙල්ලන්ට එරෙහිව පාන දස්කම් සජීවී බලන හැටි දැකගන්න

නිශ්මං රණසිංහ අප්‍රේල් 22 කොළඹ LNW :

අප්‍රේල් 27 දා ආරම්භ වීමට නියමිත ඉන්දියාව,දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව සහභාගි වන තුන් කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී එම තරග සජීවීව විකාශය වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයක් නිකුතු කර ඇත.සෑම තරගයක්ම ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිත අතර සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් මේ මොහොතේ ජනතාවට වඩාත් සමීපව ඇති අතර මෙම තරග සඳහා ප්‍රේක්ෂකයන්ට නොමිලේ තරග නැරඹීමේ අවස්ථාව ද හිමි කර දී ඇත.ඒ නිසා දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවට එරෙහිව හොඳ තරගයක් ලබා දීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් ද සහයක් ලැබෙනු ඇතැයි සිතිය හැකිය.

පහතින් දැක්වෙන්නේ තරගාවලියේ විකාශ කටයුතු සජීවිව සිඳුවන ආකාරයය.
ශ්‍රී ලංකාව

  • PayTV: ThePapare 2 ඩයලොග් රූපවාහිනියේ (නාලිකාව අංක 63)
  • ඩිජිටල්: ThePapare.com (වෙබ් අඩවිය) | ThePapare.com (ෆේස්බුක්) | Dialog VIU අයැදුම භාවිතයෙන්
  • YouTube: ශ්‍රී ලංකා ක්‍රිකට්
    ඉන්දියාව
  • රූපවාහිනිය සහ ඩිජිටල්: Sporta Technologies Private Limited – FanCode
    ගෝලීය
  • YouTube: ශ්‍රී ලංකා ක්‍රිකට්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...