අවශ්‍යව සිටි සැකකරුවෙකු STF අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී තියුණු ආයුධ තුනක් සොයාගෙන ඇති බවයි පොලීසිය පවසයි.. 

සැකකරු විසින් අපරාධය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන කඩුවක් ද බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර කොටහේන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...

ආපදාවේදී ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය නිලධාරීන්ට නාමල්ගෙන් උපදෙස්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ලෙස...

මේස පන්දු ලෝක සූරතාවලියට සිංහයා නැතත් සිංහ කෙල්ලෙක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: චීනයේ වෙන්ග්ඩු හී මේ...