අවශ්‍යව සිටි සැකකරුවෙකු STF අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී තියුණු ආයුධ තුනක් සොයාගෙන ඇති බවයි පොලීසිය පවසයි.. 

සැකකරු විසින් අපරාධය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන කඩුවක් ද බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර කොටහේන පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවුරුද්දෙන් දෙකෙන් ඔක්කොම කරන්න බෑ, මේ ආණ්ඩුව අවුරුදු 10ක්වත් ඉන්න ඕනෙ – දිට්වා පැටළුණු ඇමති TB

බලයට පැමිණ වසර දෙකක් ගතවෙද්දී පොරොන්දු ඉටු කළාදැයි ඇතැමුන්...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...