මැතිවරණ දිනන්න පාස්කු ප්‍රහාරය යොදාගත්තේ ජවිපෙ – නාමල් දැන් කියන කතාව

Date:

කොළඹ LNW: පාස්කු ප්‍රහාරය මැතිවරණ ජයග්‍රහණය සඳහා යොදාගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කෙසේවෙතත් එදා පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි නිලධාරීන් වත්මන් ආණ්ඩුවේ ඉහළ පුටුවල වාඩි කර පරීක්ෂණ සිදුකරන බව පවසමින් සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

”පාස්කු ප්‍රහාරය මැතිවරණයක් දිනාගන්න යොදා ගත්තා නම් එය කළේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙක්ගේ පුතාලා දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බකරුවෝ. ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් පැහැර හැරපු නිලධාරීන් දෙන්නෙක් ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවේ ඉඳලා අද පොලීසියේ ඉහළ තනතුරුවලටත් පත්කරලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම් ධුරවලටත් පත්කරලා තියෙනවා. පසුගිය මැතිවරණ ජයග්‍රහණය කළේ මේ අය පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු කරනවා කියල. වගකීම් පැහැර හැරපු අය ඉහළ පුටුවල වාඩි කරවල දැන් කියනවා පරීක්ෂණ කටයුතු කරන්න කියල. එදා පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වුණාට පස්සේ හිටපු ආරක්ෂක ලේකම් හා ආරක්ෂක නිලධාරීන් කිව්වේ අපි දැනගෙන හිටියා ගහනවා කියල. මෙච්චර ගහයි කියල හිතුවේ නැහැ කියල. පහුගිය වෙඩි තැබීම් වලදීත් කිව්වේ ගම්පහදී වෙඩි තියයි දැනගෙන හිටියට කොළඹදී වෙඩි තියයි කියල දැනගෙන හිටියේ නැහැ කියල. වගකීම් පැහැර හැරපු නිලධාරීන් අද දේශපාලන රැකවරණය ගන්නවා. අනිත් පැත්තෙන් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගෙන පරීක්ෂණ කටයුතු මෙහෙයවනවා.”

පුද්ගලයන් හෝ කණ්ඩායම් ඉලක්ක කරනොගෙන පරීක්ෂණ සිදුකළ හොත් සාධාරණ පරීක්ෂණයක් සිදුවනු ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...