නව පාප් වහන්සේ තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවට ද ඉහළ අවස්ථාවක්!

0
544

රෂිකා හෙන්නායක

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමත් සමඟ නව පාප් වහන්සේ තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවට ද ඉහළ අවස්ථාවක් හිමිව ඇතැයි රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා හිමිපානන් පවසා සිටී.

කොළඹ අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ නම, නව පාප් වහන්සේ තෝරා ගැනීමේ පළමු නම් හයට ඇතුළත් බවත්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ බවත්, රෝමයේ ශ්‍රම සංක්‍රමණිකයින් භාර ආත්මික උපාද්‍ය පියතුමා වන නෙවිල් ජෝ පෙරේරා හිමිපානන් පවසා සිටී.