*
Friday, September 27, 2024
spot_img

Latest Posts

පරිසරවේදීන්ගේ විරෝධතා ඉදිරියේ ෆාරාගේ අවසන් ලන්ඩන් ධාවනයට බාධා…?

දුර දිවීම ඉසව්වෙන් බ්‍රිකාන්‍යයට අත් කර දුන් කීර්තිය සළකා නයිට් පදවියකින් පවා පිදුම් ලද ශ්‍රීමත් මෝ ෆාරා ගේ අවසන් ලන්ඩන් මැරතන් ධාවනයට පරිසරවේදින්ගේ විරෝධතා නිසා බාධාවක් එල්ල විය හැකි බවට සැක මතු වෙමින් ඇත.ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ෆාරා පරිසර ක්‍රියාකාරීන්ගෙන් සිදුවිය හැකි ඕනෑම විරෝධතාවක් කළමනාකරණය කිරීමට සංවිධායකයිනට හැකියාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසයි.
මෙම පරිසරවේදීන්ගේ විරෝධයේදි පෙරමුණේ ම පසුවන සංවිධානයක් වන Extinction Rebellion 28000 ක ජනතාවක් සමඟ ඊයේ සිට පාගමන් අරඹා ලන්ඩන් මැරතන් තරගය පැවත්වෙන 24 දා වෙස්ට්මිනිස්ටර් වෙත පැමිණීමට නියමිතය.එහිදී පැවත්වීමට නියමිත The Big One නම් විරෝධතා උත්සවයෙන් ලක්ඩන් මැරතන් තරගයට බාධා ඇති වේ යැයි සැක පල වී ඇත.

නමුත් ලන්ඩන් මැරතන් ධාවන අධ්‍යක්ෂ හියු බ්‍රෂර් පැවසුවේ, ඉරිදා තරඟයට Extinction Rebellion හරහා කිසිඳු බාධාවක් එල්ල නොවනු ඇති බවට සහතිකයක් ලබා දෙයි.ඒ දෙපිරිස අතර සිඳු වූ අදහස් හුවමාරුවක ප්‍රතිපලයක් හැටියටය.නමුත් බ්‍රෂර් ම පවසන පරිදි ඔහුට මේ විරෝධතාවයට එකතු වන තවත් විශාල සංවිධානයක් වන Just Stop Oil සම්බන්ධයෙන් එවැනි විශ්වාසයක් නැති බව පිළිගත්තේය.

පුන්‍ය කටයුතු සඳහා විශාල මුදලක් රැස් කරන ඉසව්වක් වන ලන්ඩන් මැරතන් ධාවන තරගයට මේ වසරේද ඊට අයත් විවිධ ඉසව් සදහා 45000 ක පමණ ජනකායක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කරයි.නමුත් බ්‍රෂර් පවසන පරිදිම මෙවර ජස්ට් ස්ටොප් ඔයිල්ට සහය දක්වමින් ටී ෂර්ට් එකක් ඇඳ සිටි විරෝධතාකරුවෙකු සඳුදා ලෝක ස්නූකර් ශූරතාවලියට බාධා කර නතර කර දැමීම සඳහා මැදිහත් වීම මෙන්ම ලන්ඩන් මැරතන් තරගයට ද බාධා කරන්නට ද ඉඩ ඇත.

“”මැරතන් ධාවකයන්ට අවශ්‍ය වන්නේත් පිරිසිදු වාතය, සෞඛ්‍ය සම්පන්න පවුලක් යනුවෙන් පවසන Just Stop Oil හා බැඳුණු ඉන්ඩිගෝ රම්බෙලෝ තමන්ගේ මැදිහත් වීම නවතින්නේ රටේ ආයතන නිවැරදි ස්ථානයකට පැමිණි පසු බව පෙන්වා දෙන්නේය.නමුත් විවිධ අරමුණු පදනම් කරගෙන සහ ප්‍රචාරනය සඳහා යොදා ගත හැකි ආධාර එකතු කිරිම නැකි අංග ඇතුළත් ලන්ඩන් මැරතන් තරගයෙන්ම,එය කඩාකප්පල් නොකර, වඩාත් හොඳින් සිය ප්‍රචාරය කිරිමට ඉඩ ඇති බව ද විරෝධතාකරුවන්ගේ අවධානයට ලක්වන්නේ නම් නම් බාධාවක් නොවී ලන්ඩන් තරගය පැවත්වෙන ලන්ඩන් මැරතන් තරගයෙන් පරිසරය වෙනුවෙන් ඓතිහාසික මැදිහත්වීමක් ච කළ හැකිය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan