ක්‍රීඩා ඇමතිගෙන් තවත් අභිමතානුසාරි හැසිරීමක්

Date:

ක්‍රීඩා පණතේ 32 (ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා රගර් සම්මේලනය විසුරුවා හැරීම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අභිමතානුසාරි හැසිරිමක් බව ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශකයෙක් මෙන්ම ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් ද වූ නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද පවසයි.නිතිඥවරයාගේ අදහස වන්නේ ඒ අනුව යුක්තියේ සාරධර්මවලට පටහැනිව අමාත්‍යවරයා ක්‍රියා කර ඇති බවය.

එම වගන්තිය යටතේ තීරණ ගැනීමට අවශ්‍යය නිසි ක්‍රමවේදය භාවිතයට ගෙන නැති බවත්,කිසිඳු පූර්ව දැණුම්දීමකින් තොරව ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවත් පෙන්වා දෙන නීතිඥවරයා එම යුක්තිගරුකභාවයෙන් තොර තීරණය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කිරිමට අපේක්ෂා කරන බව ද පෙන්වා දුන්නේය.

එසේම අමාත්‍යවරයාගේ මෙම තීරණය හරහා අධිකරණය හෑල්ලුවට ලක් කර ඇති බවත්,එය අපහාසයක් දක්වා පළල් විය හැකි කරුණු හා සාධක සහිත වූවක් බවත් පෙන්වා දෙන නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද ඉදිරියේදී මෙම කරුණු ගරු කටයුතු අධිකරණයේ අවධානයට යොමු කිරිමට අවශ්‍යය පියවර ගනු ඇති බවත් පෙන්වා දුන්නේය.
මෙය ක්‍රිඩා අමාත්‍යවරයා අභිමතානුසාරීව හැසිරෙන ලද තවත් එක් අවස්ථාවක් පමණක් බව අපේ හැඟීම වන අතර පාපන්දු පරිපාලනය ජාත්‍යන්තර තහනමට ලක් විමේ දී ද බලපෑවේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන නියෝජිතයන් හා එකඟ වූ කරුණුවලට පටහැනිව අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ අභිමතානුසාරි හැසිරිමය.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...