ඉදිරි වසර 25ක කාලය විශාල සංවර්ධනයන් සිදුවේවි – ජනපති

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ උතුරු වරාය 30 වන අවුරුදු සංවර්ධනය පිළිබඳව වැඩමුළුව ඊයේ (21) ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ඉදිරි වසර 25ක කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ මියන්මාර ප්‍රදේශවල විශාල සංවර්ධනයන් සිදුවේවි. ඒ නිසා ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව අප සොයා බැලිය යුතුයි.”

“හම්බන්තොට වරාය මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් ඉදිරි වසර 10ක 15ක කාලයක තුළදී හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 4,000ක භූමි ප්‍රමාණයක සිදුකරන සංවර්ධනයත් සමග සහ ඉදිකරනු ලබන තෙල් පිරිපහදු පර්යන්තයේ එම ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයන් ඉහළ යාවී.”

“කටුනායක ගුවන්තොටුපොළ අප තවදුරටත් සංවර්ධනය කරනු ලබන අතර මත්තල ගුවන්තොටුපොළ වාණිජ ශක්‍යතාවයකින් සතුයි. ඒ වගේම අප පලාලි ගුවන්තොටුපොළ ද විවෘත කරනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ උපදේශන අංශ කොළඹ – උතුරු වරාය සංවර්ධනය කිරීමේ ශක්‍යතා වාර්තාව ලබාදුන්නා.”

“ඒ අනුව ඉන්දියානු සාගරයේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාව පවතිනවා වගේම අපි එය අනිවාර්යෙන්ම කළ යුතු වනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්? බී වාර්තාවේ නීතිමය හිඩැස! රනිල් – සරෝජා හුටපටය!

සටහන - විශේෂ වාර්තාකරුවෙකු විසිනි පෙබරවාරි 14, LNW (කොළඹ): හිටපු...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...