ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගත් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් රටට අවශ්‍ය යි – සජිත්

Date:

ආර්ථික සංකෝචනයක් තුළ නොව ආර්ථික වර්ධනයක් තුළ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්⁣ට සහන සැලසිය යුතු බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් ඒ සඳහා රාජ්‍ය ක්‍රමවේදය තුළම වගකියන සහ වගවෙන ආයතන ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකදී ය.

අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගත් ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් සිංගප්පූරුවේ පවා එවැනි ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් ඇති බවත් එවැනි ප්‍රශස්ත ප්‍රබුද්ධ ක්‍රියාදාම ගැන වැදගත් විශ්ලේෂණයක් සිදු කර අප රටට අනන්‍ය වූ ආකෘතියක් සහ වැඩපිළිවෙළක් අවශය බවත් සමගි ජන බලවේගය සතුව එවැනි සැලසුමක් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නව ව්‍යාපාර මිලියනයක් සඳහා අවස්ථාව

එසේම පවතින ව්‍යාපාරිකයන් සහ කර්මාන්ත කරුවන් ශක්තිමත් කරමින් නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් පවතින කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින් මෙය සිදු කරන බවත් මැද මාවත තුළ මානුෂීය ධනවාදය තුළින් ධනය උත්පාදනය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හරහා එම ධනය ලබා දී අසමතුලිතතා නිවැරදි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ත්‍රිත්ව ඛේදවාචකයන් නිසයි මේ තත්ත්වය ඇති වුණේ

අපරට පාස්කු ඉරිදා ප්‍රහාරය, කොරෝනා සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචකයන්ට මුහුණ දුන් බවත් මේ නිසා දළ දේශීය නිෂ්පාදනය 50%ක් සහ රැකියා නියුක්තියට 52% එනම් 4500000කට රැකියා ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට ලක් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතිය වෙනුවෙන් හඬක් නගන්න අපිට හැකි වුණා

මෙහි දී අප රටක් ලෙස කෙටිකාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස කළ යුතු දේ ගැන අවබෝධයක් ලබා ගත යුතු බවත් කෙටි කාලීනව මොවුන් අක්‍රීය වන්නට නොදී විනාශ වන්නට නොදී රැකගත යුතු බවත් ඒ සඳහා බොහෝ බලවේග එකට එකතු වී පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන්න හැකි වී බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත තමාට හඩ නැගිමට හැකි වූ බවත් මේ නිසා දෙසැම්බර් වනතුරු විරාමයක් ලැබුණත් එය තාවකාලික සහනයක් බවත් ඉන් පසුව නැවතත් එය ක්‍රියාත්මක වන බැවින් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ විරාමය තුළ ගරාවැටුණු කඩාවැටුණු බිඳ වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ට නැවත ගොඩ එන්න වෙනම වැඩසටහනක් අවශ්‍ය බවත් කාරක ප්‍රග්ධනයට මෙන්ම ප්‍රග්ධනයට ප්‍රවේශය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ADB එකෙන් ලැබුණ මුදල් නිවැරදිව බෙදී යා යුතුයි

⁣ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව හරහා ඩොලර් මිලියන 100ක ණයක් ලබා ගැනීමට හැකි වූ බවත් මෙම මුදල් දැඩි අපහසුතාවෙන් පෙනී සිටින කර්මාන්තකරුවන්ට ලබාදිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)

කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...

Celebrity Buzz: තරු පිරුණු රැයක උන්මාදය සමඟින් MTV VMA!

සටහන – පුලී සැප්තැම්බර් 08, කොළඹ (LNW): මෙම වසරේ පැවැති විශාලතම...

ආන්දෝලනාත්මක මිද්දෙණිය ඉඩමෙන් අදත් මතු වූ පොලිස් උපකරණ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : මිද්දෙණිය පොලිස් ස්ථානයේ...

අගවිනිසුරුවරයා ගමන් ගත් රථ වාහන පෙළ වීඩියෝ කරලා: සැකකරු ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අගවිනිසුරුවරයා ගමන් ගත්...