පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පහසු ජයක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 23, කොළඹ (LNW):මේ දිනවල විස්සයි විස්ස 2024 ලෝක කුසාලන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම වටයේ තරගවලට සහභාගි වීම සඳහා ඩුබායි හී සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරගයකදී නෙදර්ලන්තය පහසුවෙන් පරාජයට පත් කළා.


පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු පන්දුවට පහර දීමට පිටියට නොපැමිණියත්,සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 183 ක් දක්වා රැඟෙන යාමට සමත් වුණා.පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අට දෙනෙක් පිටියට පිවිසි අතර ඉන් තිදෙනෙක්ම නොදැවී සිය ඉණිම නිමා කර තරගයෙන් ඉවත් වුණා.ඒ අතර ආරම්භක පිතිකාරිණියක වූ විශ්මි ගුණරත්න පන්දු 31 දී ලකුණු 49 ක් ලබා ගෙන සිටියා.හංසිමා කරුණාරත්න පන්දු 39 දී ලකුණු 49 ක් ලබා ඉණිම අත්හිට වූ අතර කවීශා දිල්හාරි පන්දු 19 දී ලකුණු 29 ක් නොදැවී ලබා ගෙන පිටියෙන් නොදැවී ඉවත් වුණා.


පන්දුවට පහර දී ලකුණු 184 ක් ලබා ගැනීමට පැමිණි නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් දියත් වූ හොඳම ඉණිම වාර්තා කළ බාබෙටි ඩි ලීඩි පන්දු 33 දී ලකුණු 41 ක් ලබා ගෙන සිටියදී කවීශා දිල්හාරිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරිමේ වරදට දැවී ගියා. ඔවුන් පන්දු ඕවර් 20 නිමා කළේ කඩුලු 9 ට ලකුණු 120 ක් ලබා ගෙන සිටියදී යි.මෙහිදී පන්දු ඕවර් 4 ම යවමින් දඟ කැවෙන ඩුබායි තණතිලිවලදී රිද්මයට පැමිණි ඉනෝකා රණවීර ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තා.කවීහා දිල්හාරි පන්දු ඕවර් 3 ක් යවමින් ලකුණු 9 ක් පමණක් දී කඩුලු 2 ක් දවා ගත්තා.දුවද්දී දැවියාම් දෙකක් සඳහන් වූ අතර එක් දැවීයාමක් හංසිමා විසින් ලබා ගත් අතර අනෙක් දුවද්දී දැවීයාම හසිනි පෙරේරා සහ කාව්‍යා කාවින්දි එක්ව ලබා ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...