Sun Haiyan අද (23) දිවයිනට!

0
276

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23, කොළඹ (LNW): දෙදින නිල සංචාරයක් සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය Sun Haiyan මහත්මිය අද (23) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මේ සංචාරයේදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ ඉහළපෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා කරනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.