කොළඹ LNW:තමන් ක්‍රියාවට නංවන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇත්නම් ඒ ගැන කෙළින් සාකච්ජා කරන ලෙසත් එසේ නොකර රට වටේ කෑගහුවට තමන් ඒවා ගැන තැකීමක් නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම පළාත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඒ අනුව තමන් ඇමති ධූරයේ සිටින තාක්කල් නොනවත්වා ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
තමන්ගේ එකම අරමුණ ජනතාවට සේවය කිරීම බවද හෙතෙම තවදුරටත් සඳහන් කරන ලදී.
ASK