(VIDEO):නලින්ද කොහොමද තනියම දින තීරණය කරන්නේ. අපේ නායකතුමාට වැඩ!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගය පාර්ශවයෙන් දින ලබා දී ඇති නමුත් එය ඒකපාර්ශ්විකව තීරණය කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (23) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය විසින් ලබා දී තිබෙන දිනවල සජිත් ප්‍රේමදාස මහතා කලින් යොදා ගත් වැඩ ඇති හෙයින් නලින්ද ජයතිස්ස මහතාව පාර්ලිමේන්තුවේදී හමුවී වෙනත් දින යොදා ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී නායකයින් දෙදෙනාගේ විව්දය මෙන්ම ආර්ථික කමිටුවල විවාදය පැවැත්වීමට ද එකඟවිය යුතු එන බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව එළඹෙන 25 හෝ 26 වැනිදා පාර්ලිමේන්තුවේ තෝරා ගත් ස්ථානයකදී නලින්ද ජයතිස්ස මහතාව මුණගැසී අදාළ දින නම් කරගැනීමට සූදානම් බවයි නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...