චීනය එක් කාර්තුවකට නව රැකියා මි. 3.03 ක් උත්පාදනය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) නිකුත් කළ සංඛ්‍යාලේඛනයන් හි සඳහන් වන අකාරයට ,වසරේ පළමු කාර්තුවේ දී සමස්ත චීනය පුරා  නව රැකියා මිලියන 3.03 ක් උත්පාදනය කෙරෙන බව හෙළිදරව් කරයි.

චීන රජයේ ඉලක්කය වන්නේ, මෙම වසරේ රට පුරා නගරවල නව රැකියා මිලියන 12 ක් උත්පාදනය කිරීම යි.

ඒ අනුව, පළමු කාර්තුවේ දී ම අදාළ වැඩසටහන්වලින් හතරෙන් එකක් සම්පූර්ණ කිරීමට හැකි ව තිබීම කැපීපෙනෙන කරුණකි. පසුගිය මාසයේ චීනයේ නාගරික විරැකියා අනුපාතය 5.2% ක් වූ අතර, රැකියා තත්ත්වය ස්ථාවර වී ඇත.

රැකියා ප්‍රවර්ධන යාන්ත්‍රණය වැඩිදියුණු කරමින් වෘත්තීය නිපුණතා පුහුණු ඉහළ නැංවීමට ද පියවර ගන්නා බව, චීන මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක චෙං ෆෙං මහතා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...

 ශ්‍රී ලංකා ආයෝජක සමුළුව සාර්ථකව ඩුබායිහිදී..

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : කොළඹ කොටස් හුවමාරුව...