රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ගාලු මුවදොර අරගල භූමියට

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙවි මැදුර වෙත ගිය රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි කුරුසය කර තබාගෙන ඊයේ(22) ගාලු මුවදොර අරගල භූමියට පැමිණියේය.

මග දෙපස රැස්ව සිටි විශාල පිරිසක් ජෙහාන්ට සහය පළ කළහ.

අප්‍රේල් 19 දින ඔහු මේ ගමන ආරම්භ කළේ කටුවාපිටියෙනි ඒ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර වෙත අප්‍රේල් 21 වැනිදාට ළඟා වීමටයි එහෙත් ප්‍රායෝගික කරුණු මත ඔහු ශාන්ත අන්තෝනි දෙව්මැදුර වෙත ළඟා වුයේ ඊයේ පස්වරුවේයි.

එහිදී අශිර්වද ලබා ඉන්පසු ජෙහාන් ගාලු මුවදොර අරගල භූමියට පැමිණියේය.

මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම කුරුසයේ බර කිලෝ 30ක් පමණ වේ.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප බැලීමට පිවිසෙන්​න

 - Read Photos
 - Read Photos
 - Read Photos
 - Read Photos
 - Read Photos
 - Read Photos