තරුෂිට ලොව විසිවැනි තැන

Date:

යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සියවැනි ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්ව ජය ගත්තාය.ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සුදුසුකම් ලබා සිටින තරුෂි,මෙහිදී තත්පර 53.85 ක දක්ෂතාවයක් දක්වමින්,මේ වසරේ ලෝකයේ අවුරුදු 20 න් පහළ ක්‍රීඩිකාවක් වාර්තා කළ විසිවැනි හොඳම කාලය වාර්තා කෙරුවාය.ඇයට පෙර එම දක්ෂතා සටහනේ විසිවන තැන සිටියේ නඕමි ජොන්සන් ය.

වලල ඒ රත්නායක විද්‍යාලය නියෝජනය කරන තරුෂි මෙන්ම ගම්පහ සිරිකුරුස විද්‍යාලය නියෝජනය කරන එම්.එච්.ජේ.උත්තරා ද උපරිම දක්ෂතා අතරට එමින් දෙවැන්නිය වූවාය.ඇය ද ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සඳහා සුදුසුකම් ලද ක්‍රීඩිකාවකි.ඇය මේ තරගයේ වාර්තා කළ තත්පර 54.14 මේ වසරේ ලොව වාර්තා වූ හොඳම කාල අතරේ විසිතුන් වැන්න වන්නේය.

RM

උත්තරා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...