ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක්!

Date:

රෂිකා හෙන්නායක

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිල්ලි අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත. 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය සෞදි අරාබියානු සංචාරය හදිසියේ නිම කර දැන් ඉන්දියාවට පැමිණ සිටින බව පැවසේ.

මීට අමතරව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් ද සිය අමෙරිකානු සංචාරය හදිසියේ නිම කර ඉන්දියාවට පැමිණ ඇතැයි සඳහන් වේ.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

කාශ්මීරයේ ජනප්‍රිය සුන්දර ප්‍රදේශයක් වන “ඉන්දියාවේ ස්විට්සර්ලන්තය” ලෙස විරුදාවලිය ලත් හිමාල කඳුවැටියේ පිහිටි සුන්දර නගරයක් වන පහල්ගම්හීදී මෙම ප්‍රහාරය සිදුව ඇත.. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ යුරෝපා සංගම් ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේයන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දැක ඇති බවයි.

මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් කාශ්මීරයේ විරෝධතා ද ආරම්භ වී ඇති අතර පාසැල් සහ කඩ සාප්පු වසා දැමීමට ද පියවර ගෙන තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලැබෙන හැටි මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්...

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...

රොෂාන් මැති ද තනි වී ඇත මල මැද්දේ

නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW: පිහාටු මල් ක්‍රීඩාව යනු...

තාක්‍ෂණික නිලධාරියෙකු අල්ලස් දැලේ!

රෂිකා හෙන්නායක ජනවාරි 08, කොළඹ LNW : වත්තල ප්‍රාදේශීය සභාවේ...