අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලිවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට 118 හදිසි දුරකථන ඇමතුම් අංකයට අමතා අසත්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයාව මැයි මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ඉෂදික් මොහොමඩ් නම් 21 හැවිරිදි මවුලවිවරයෙකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (22) උදෑසන මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මොහුව අත් අඩංගුවට ගෙන තිබිණි.
CID ය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ ඇමතුම තමන් විසින් ලබාදුන් බව සැකකරු පිළිගෙන ඇති බව සඳහන්.
කෙසේවෙතත් ඔහු වෙනත් පාර්ශ්වයකගේ වුවමනාව හෝ මෙහෙයවීම මත මෙම ඇමතුම ලබාදුන්නේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවත් වාර්තා විය.
මෙම සැකකරු විසින් ලබාදුන් අසත්‍ය තොරතුරු නිසා දින කිහිපයක් තිස්සේම අකුරණ ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
RN