*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

“වසත් සිරිය 2023” අවුරුදු උළෙල දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්

“වසත් සිරිය – 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් ඊයේ (22) කොළඹ ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසින් අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වූ අතර අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, ඔවුන්ගේ පවුල්වල හිතවතුන් මෙන්ම දිවයිනේ විවිධ පළාත්වල ජනතාව විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, පකිස්ථානය, නෙදර්ලන්තය, චීනය, ජපානය, පලස්තීනය, බංග්ලාදේශය, කියුබාව, මියන්මාරය, තායිලන්තය, කුවේට්, දකුණු කොරියාව, වියට්නාමය යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ද මීට එක්ව සිටි අතර මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින්ට විනෝද විය හැකි තරග ඉසව් රැසක් සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

අතීත ගැමි සමාජයේ ගම සහ ගැමි ගෙදර අතර පැවති සුන්දර සබැඳියාව විදහා දක්වමින් ගැමි ගෙදරක් සහිත පරිසරයක අකෘතියක් ද මෙහි ප්‍රතිනිර්මාණය කර තිබුණු අතර කැවිලි පෙවිළි, ඇඳුම් පැළඳුම්, සිංහල අවුරුදු චාරිත්‍ර හා ගැමි ක්‍රීඩා ඇතුළු ප්‍රදර්ශනාත්මක අංග රැසක් ඊට ඇතුළත් කර තිබිණි. කතුරු ඔංචිල්ලා, උණ වෙඩි සංදර්ශන, කඩමණ්ඩිය සහ, වෙද ගෙදරකින් ද භූමිය විචිත්‍රවත් විය.

වැඩිහිටි ජනතාව සහ කුඩා ළමුන් ඉතා උනන්දුවෙන් තරග ඉසව් සඳහා එක්ව සිටී අතර ජයග්‍රහණය කළ සෑම අයෙකුටම තිළිණ ලබා දීම සිදු විය.

අවුරුදු උළෙල පැවති භූමිය වෙත අද දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සංචාරය කරමින් පැමිණ සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත විය.

එමෙන්ම ගැමි ගෙදර සහ වෙද ගෙදර වෙත පැමිණ ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි අසිරිය විඳ ගැනිමට එක්ව සිටි විදේශිකයින්ගේ ද තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක යෙදිනි.

තරග වලින් ජයග්‍රහණය කළ සංචාරකයන්ට සහ තරුණ තරුණියන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර කඹ ඇදිමේ තරගය ඇතුළු තරග ඉසව් කිහිපයක් නැරඹීමට ද එක් විය.

තරග ඉසව්වලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අනුග්‍රාහක ආයතනවල ප්‍රධානීහු සහ නියෝජිතයන් එක් වූහ.

මේ අතර මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද අද උදෑසන අවුරුදු උළෙල නැරඹීමට එක් වූ අතර කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු ඇතුළු දේශපාලන නියෝජිතයන් සහ අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ රාජ්‍ය නිලධාරිහු වරින් වර අවුරුදු උත්සව භූමිය වෙත පැමිණ එම කටයුතු සමග එක් වූහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan