*
Friday, March 29, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/23

  1. රජයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය වන “වසත් සිරිය – 2023” උත්කර්ෂවත් අන්දමින් කොළඹ ෂැංරිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වෙයි: මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු, දෙස් විදෙස් ජනතාව රැසක් සහභාගී වී තිබේ: උත්සවය සංවිධානය කර තිබෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසිනි.
  2. යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ කාර්යක්ෂමතාව සහ තිරසාර බව වැඩිදියුණු කිරීම සඳහා යුරෝ මිලියන හතරක (රු. බිලියන 1.5) අරමුදලක් දියත් කරයි.
  3. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි පත් කෙරේ: මෙම පත්කිරීම නීති විරෝධී බව හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි: ජී.එල් යනු උමතු පුද්ගලයකු බව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
  4. “රටේ පවතින ගැටලු සහ මහජන අවශ්‍යතා පිළිබඳව සමාජය සමඟ පුළුල් සංවාදයක යෙදී, ඉන් අනතුරුව පත්කරන ලද විද්වත් මණ්ඩලයක්” හරහා යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ තිබෙන ‘නොගැලපෙන වගන්ති’ ඉවත් කරන මෙන් ත්‍රෛනිකායක මහනාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති: මෙම ත්‍රස්ත විරෝධී පනත, ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමී විරෝධතා සඳහා ජනතාව සතු අයිතිය සීමා කරන බව අවධාරණය කරති.
  5. 2021 මැයි 19 වන දින සිදුවූ MV X-Press Pearl ව්‍යසනයෙන් සිදුවූ හානියට එරෙහිව විදේශ රටක අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹෙන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි: මේ සඳහා විදේශ නීති ආයතන දෙකක් සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව ද පවසයි.
  6. විනෝද ගමනාන්ත සඳහා වූ රජයේ සංචාරක අලෙවිකරණ සැලැස්ම (Cruise Tourism Marketing Plan) ප්‍රවර්ධනය සහ සංවර්ධනය කිරීමේ පියවරක් ලෙස, විනෝද ගමනාන්ත සොයා එන සංචාරකයන් 4,000 ක් රැගත් නෞකා දෙකක් අලුත් අවුරුදු සමය තුළ දිවයිනට ළඟා වෙයි: “රටට සංචාරක ආදායම් උපයන ප්‍රධාන මූලාශ්‍ර පහෙන් එකක් බවට විනෝද ගමනාන්ත සංචාරක කර්මාන්තය පත් කිරීම සඳහා මෙම සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි: මේ අතර, විනෝද ගමනාන්ත සොයා එන සංචාරකයන් රැගත් නෞකා 17ක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත බවට අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
  7. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එළඹෙන සඳු දින ජනාධිපති කාර්යාලයේ හමුවීමට නියමිත බව වාර්තා වේ: මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම පිළිබඳ මූලික පාර්ලිමේන්තු විවාදය, ඊට ඡන්දය ප්‍රකාශ කිරීම ආදිය පිළිබඳව සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන්: අ.පො.ස. උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට ද නියමිත බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු මාධ්‍ය වෙත පැවසූ බවට වාර්තා වේ.
  8. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ රේගු ප්‍රකාශන (CUSDECS) පද්ධතිය, ආයෝජකයන් සඳහා වන ක්‍රියා පටිපාටි සරල කිරීම සහ විධිමත් කිරීම සඳහා හඳුන්වා දුන් ප්‍රධාන සංදිස්ථානයක් බව එම මණ්ඩලය නිවේදනය කරයි: ශ්‍රී ලංකාවේ ව්‍යාපාර තත්ත්වයන් ගොඩනැංවීමට යොදාගැනෙන සරල සහ වැඩිදියුණු කරන ලද ක්‍රියාවලීන් ඔස්සේ ආයෝජන මණ්ඩලය විසින් හඳුනාගෙන තිබෙන ව්‍යවසායන් වෙත කඩිනම් සේවාවක් සැපයීම මෙම පද්ධතියේ එකම ඉලක්කය බවට පැවසේ.
  9. යෝජිත ත්‍රස්ත විරෝධී පනත හරහා බටලන්ද වැනි වධකාගාර පවත්වා ගෙන යාමට පොලීසියට නීතිමය බලය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පා.ම. නීතීඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි: මෙම පනත මඟින් රජය විවේචනය කරන ඕනෑම පුද්ගලයකු ත්‍රස්තවාදියකු ලෙස නම් කිරීමේ හැකියාව පවතින බව ද පවසයි.
  10. “කොළඹ නෙලුම් කුළුනෙහි” “නෙලුම්” කොටස ඉවත් කොට “කොළඹ කුළුන” ලෙස වෙනස් කිරීමට රජය සලකා බලමින් සිටින බවට වාර්තා වෙයි: මෙම කුළුන තවත් එක්තරා රාජපක්ෂ සුදු අලියකු ලෙස දිගින් දිගටම හංවඩු ගැසීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවට ආරංචිමාර්ග පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan