*
Friday, September 27, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරයේ ලේ පිස දමමු..

ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ගිය අප්‍රියෙල් 21 වෙනිදාට හරියටම අවුරුදු හතරයි.තවමත් පාස්කු වින්දිතයන් යුක්තිය ඉල්ලලා කෑගහනවා. ජනාධිපති කොමිෂන් සහා වාර්තාවක්, පාර්ලිමේන්තු තේරීම් කාරක සහා වාර්තාවක් ඒ වගේම විවිධ මට්ටමෙන් අධිකරණ ක්‍රියාමාර්ගත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව අරන් තියනවා.ඒ මොනවා උනත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව සමාජගත වෙලා තියන සැකය තවම ඒ විදිහටම තියනවා.මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරපු මේ ප්‍රහාරය පිටිපස්සේ බලය ලබා ගැනීමේ දේශපාලන ව්‍යාපෘතියක් ක්‍රියාමක උනා කියන සැකය තවමත් ලාංකික සමාජය වෙලාගත්ත නොවිසිදුණ ප්‍රශ්නයක්.

පහුගිය 21 වෙනිදා කතෝලික සහාව විසින් සංවිධානය කරපු විරෝධතාවයේදිත් කාදිනල්තුමන් ඒ ප්‍රශ්නය ගැන කතා කළා.පාස්කු ප්‍රහාරය ගැන ඉදිරිපත් කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වර්තාවේ කරුණු උපුටා දක්වමින් කාදිනල්තුමා ඒ ප්‍රශ්න කිරීම කළා.රටේ රාළ කියන්නේ පාස්කු වින්දිතයන්ට අනිවාර්යයෙන් යුක්තිය ඉෂ්ඨ වෙන්න ඕනි.ඒක රජයේ මැදිහත් වීමෙන් සහ අධිකරණයමය ක්‍රියාවලියක් හරහා මූලික වශයෙන් වෙන්න ඕනි.ඒ වගේම තවමත් ගලන පාස්කු තුවාලයේ ලේ පිහදාලා මේ සමාජ සුවපත් කිරීමේ වගකීම අපි හැමෝටම තියනවා.ඒක තමයි අපේ සමාජීය කාර්යභාරය.මෙතනදී අපට කරන්න තියන ලොකුම මෙහෙවර වෙන්නේ තවත් මේ පන්නයේ ප්‍රහාරයක් එල්ලවීමට තියෙන ඉඩ වලක්වා ගැනීමයි.ඒක නිසා රටේ රාළ කල්පනා කළා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපට පැවරෙන සමාජීය වගකීම ගැන ටිකක් කතා කරන්න. ඇත්තටම පාස්කු ප්‍රහාරය පිටිපස්සේ පුද්ගලයෝ විදිහට කවුරු හිටියත් ඒකට බලපාපු ඇත්ත හේතුව ආගම්වාදය.

ලාංකික සමාජයට වැඩිම හානිය කළේ ජාතිවාදය විසින්.ඒ වගේම ආගම්වාදයෙනුත් සැලකියුතු හානියක් කළා.ඒ ආගමික අන්තවාදයේ තවත් එක බිලි පූජාවක් විදිහට පාස්කු ප්‍රහාරය හදුන්වන්න පුළුවන්.ඊට ඉස්සෙල්ලා බේරුවලදී,මහනුවරදී, ගම්පහදී උමතු ආගමික අන්තවාදීන් තවත් ජීවිත ගණනාවක් බිලි ගත්තා.අපේ රට ගත්තොත් ලාංකික සමාජයත් එක්ක බද්ධ උනු ප්‍රධාන ආගම් කිහිපයක් තියනවා.බෞද්ධ,හින්දු,ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්.මේ හැම ආගමක්ම පදනමින් කියවාගත්තොත් ඒ හැම ආගමක්ම මානුෂිකයි. මානව සංවර්ධනය,මානව නිදහස සහ ශිෂ්ඨත්වයත් එක්ක බැඳිලා තියනවා.ඇත්තටම මේ ආගම් සමාජ සංවර්ධනයත් එක්ක අත්වැල් බැඳගෙන ඉස්සරහට ආවා.හැබැයි අද මේ හැම ආගමක්ම සමජ පරිහානියේ ගොඳුරු බවට පත්වෙලා.ආගම වෙනුවෙන් මිනිස්සු මරන නිකායන් නිර්මාණය වෙලා.අනිත් ආගම්වල අය මරා දැමීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්න පුළුවන් කියලා හිතන උන්මත්තක සංකල්ප නිර්මාණය වෙලා.

ඊළගට අද ආගම්වාදය කියන්නේ ජාතිවාදය පෝෂණය කරන තවත් මෙවලමක්.ජාතිවාද, ආගම්වාදය,කුලවාදය කියන්නේ ශිෂ්ඨ ලොකයෙන් වඳවීගෙන ගිය සංකල්ප.ඔයාලට මතක ඇති මීට දශක හතරකට පහකට උඩදී ලෝකය වෙලාගෙන තිබුණ ඒ වගේ ගෝත්‍රික සංකල්පයක් උන වර්ණභේදවාදය ගැන.කොහොම හරි අපි ආයෙත් පාස්කු ප්‍රහාරය කියන මාතෘකාවට ආවොත්.මේ ප්‍රහාරය කියන්නේ මුස්ලිම් අන්තවාදින් විසින් කතෝලික ප්‍රජාව ඉලක්ක කරගත්ත මරාගෙන මැරෙන ප්‍රහාරයක්.ඒ කියන්නේ එක ආගමික අන්තවාදයක ඉළක්කය බවට තවත් ආගමක් ලක්වීමයි.ඇත්තටම මේක නිකම්ම මෙහෙම වුනාද?ඒ කියන්නේ සහරාන්ලා ප්‍රහාරය සදහා කතෝලික පල්ලි තෝරාගන්නේ අහම්බෙන්ද?අහේතුකවද?රටේ රාළ නං කවදාවත් එහෙම හිතන්නේ නෑ.ඒක බලපාපු සමාජමය කරුණු තියෙන්න ඕනි.අපි ඒ ප්‍රශ්නයට උත්තරයක් හොයා ගත්තොත් සහරාන්ලා කතෝලික පල්ලි ඉළක්ක කිරීමේ හේතුව හොයා ගන්න පූළුවන්.

අපි ඉස්සෙල්ආම හොයාගන්න ඕනි කතෝලික ප්‍රජාව හා මුස්ලිම් අන්තවාදය අතර ගැටුම නිර්මාණය උනේ කොහොමද කියලයි.එතනට සමාජ පසුබිම නිර්මාණය වුනේ කොහොමද කියලයි.එතනදී තමයි මෙතෙන්ට දේශපාලනය සම්බන්ධ වෙන්නේ.ආගමික හා ජාතිකත්වයන් අතර පීඩනය අපේ රටේ ඉතිහාසය ඇතුලෙත් තිබුණා.ඒක නිසා තමයි ජාතිකත්වයන් තුනක්, ආගම් හතරක් වෙන වෙනම හුදකලා මානසිකත්වයකින් පැවතුනේ.මෙන්න මේ ජාතිකත්වයන් සහ ආගම් අතර තිබුණ පීඩනය බලයට ඒමේ දේශපාලන ව්‍යාපෘති බවට පසුකාලීනව පත්වුනා.උතුරේදී දෙමළ ජාතිවාදයත්, නැගෙනහිරදී දෙමළ හා මුස්ලිම් ජාතිවාදයත් පොදුවේ දකුණේදී සිංහල ජාතිවාදයත් බලය ලබා ගැනීමේ ව්‍යාපෘති විදිහට පාව්චි කළා.ඇත්තටම ඒක ඉතාමත්ම පහත් විදිහට පාව්චිචි කළේ රාජපක්ෂලා.රාජපක්ෂලාගේ බලයට ඒමේ උපක්‍රම උනේ සිංහල ජාතිවාදය.රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතියේදී සිංහල ජාතිවාදය උත්කර්ෂයට නගන්න විශාල පිටුවහලක් සිංහල බෞද්ධ සහ කතෝලික සමාජයෙන් සිද්ධ වුනා.

ඒක ඇතුලේ මුස්ලිම් ප්‍රජාවට ඇති කරපු පීඩනයක් තියනවා.ඒ පීඩනය විවිධ විදිහට මුස්ලිම් සමාජයට බලපෑවා.පසුකාලීනව උනත් වඳ කොත්තු,වඳ පෙති, වඳ සැත්කම්,වඳ යට ඇඳුම් හරහා කරලියට ආවේ ඒ ජාතිවාදයේම තවත් රූපාකාරයක්.එතකොට එදා ඒ සිංහල ජාතිවාදය උත්කර්ෂයට නගන ක්‍රියාන්විතයේ අද යුක්තිය ඉල්ලන කුදිනල්තුමාත් යම් තරමකට හරි හිට්යා.අදත් අවුරුදු හතරකට පස්සේ උනත් පාස්කු දවසට රට පුරා මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දෙන්න සිද්ධ වෙලා තියනවා. ඇත්තටම මේක ලාංකීය සමාජයට තුවාලයක්.අපි දැන් කරන්න ඕනි මේ තුවාලය සුවපත් වෙන පැත්තට වැඩ කරන එක මිසක් තුවාලය නැවත නැවත පාරන්න කටයුතු කරන එක නෙවෙයි.ඒ වගේම පලිගැනීමේ ක්‍රියාන්විතවලට ධෛර්යය දෙන එකක් කොයි පැත්තෙන්වත් වෙන්න හොඳ නෑ.මේ සිද්ධියට අදාලව නැවත පලි ගැනීමේ මනෝභාවයක් හදනවා නම් ඒකත් සහරාන්ලා කරපු මට්ටමේම ම්ලේච්ඡ වැඩක්.

ඒ අපරාධයටම සමාන අපරාධයක්.ඒකෙන් රටේ රාළ කියන්නේ නෑ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලලා කෑගහන එක වැරදියි කියලා.හැබැයි මෙතනදී කතෝලික පල්ලියට ලොකු වගකීමක් තියනවා.කතෝලික පල්ලියෙන් වෙන්න ඕනි අර තුවාලය පාරන වැඩේ නෙවෙයි.කතෝලික ප්‍රජාව සහ මුස්ලිම් ප්‍රජාව ඈත් නොකරන ප්‍රශස්ථ මැදිහත් වීමක් කරන්න කතෝලික පල්ලියට වගකීමක් තියනවා.ඒ මැදිහත්වීම කාදිනල්තුමාගෙන් වෙනවාද කියන සැකය රටේ රාළට නං තියනවා. එක පැත්තකින් එතුමාගේ මැදිහත්වීම හිතුවක්කාරී බවක් පේනවා.සමස්ථ කතෝලික සහාව හා කතෝලික ප්‍රජාව මේ ප්‍රශ්නය දිහා බලන විදිහට වඩා කාදිනල්තුමාගේ හැසිරීම වෙනස්ද කියන සැකයත් රටේ රාළට තියනවා.මොකද රාජපක්ෂලා බලයට ගේන්න සිංහල ජාතිවාදය උත්කර්ෂයට නගන වෙලාවෙත් කාදිනල් තමාගේ භාවිතය කතෝලික සභාවේ සහ කතෝලික ප්‍රජාවේ භාවිතාව වඩා ගොඩක් වෙනස් එකක් බව කියන්න ඕනි.

ඒක නිසා මේ ප්‍රශ්න තව තවත් උඩදුවන පලි ගැනීමේ ක්‍රියාන්විත සංවිධානය කිරිම වෙනුවට තුවාලය සුවපත් කරන පැත්තට උපක්‍රම තෝරන්න ඕනි.ආණඩුවට විරුද්ධව කරන විරෝධතා වගේම මේ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න ආණඩුවත් එක්ක එන්න පුළුවන් එකඟතා මොනවද කියලා කතා කරන්නම් කතොලික සභාවට පුළුවන් වෙන්න ඕනි.නැත්තං වෙන්නේ සජිත් කියනවා වගේ කතා කියකියා කතෝලික සභාවටත් ඉන්න වෙන එක විතරයි.ඊයේ සජිත් කිව්වේ සජිත්ගේ ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරනවා කියලා.රටේ රාළ අහන්නයේ ඒකට ඒ අහිංසකයෝ සජිත් බලයට එනකං ඉන්න ඕනිද කියලයි.ඇයි අපිට පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න අවශ්‍ය පොදු එකඟතාවයක් හදා ගන්න බැරි.රට සුවපත් කිරීම වෙනුවෙන් අපි දේශපාලන එකඟතාවයකට එන්න ඕනි නැද්ද?ඒකේ ප්‍රධාන රෝල් එක තියෙන්නේ ආණ්ඩුවට තමයි.හැබැයි පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න අපි හැමෝම විවෘත මනසකින් මැදිහත් වෙන්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට

රටේ රාළ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan