වත්මන් රජය අපේ රට වෙන්දේසි ලන්තයක් බවට පත් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

Date:

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය විසින් අයි. එම්. එෆ්. ගිවිසුම රටට ඇති එකම විසදුම ලෙස පෙන්වා දුන්නත් අයි. එම්. එෆ්. එකට යා යුතු බවට කිව්වේ සමගි ජන බලවේගය බවත් එවක රජය එය ගනන් නොගෙන සිටීම තුළ රට විශාල පසුබෑමකට ලක් වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු බවත් බංකොලොත් රටකට අලාභ ලබන ආයතන නඩත්තු කළ නොහැකි වුවත් වත්මන් රජයේ අකාර්යක්ෂම පාලනය තුළ ලෝකයේ ධන කුවේරයයන්ට අපේ රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ සහ අඩු මුදලට ලබා ගැනීමේ හැකියාවෙන් යුත් වෙන්දේසි ලන්තයක් බවට පත්ව ඇති බවත් රාජ්‍ය ආදායම උදෙසා දුටු දුටු දේ නියැලෙන ප්‍රතිපත්තියක නියැලී ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අයි. එම්. එෆ්. ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

අලාභ ලබන ආයතන ලාභ ලැබීමටත් ලාභ ලබන ආයතන තවදුරටත් වැඩි ලාභයක් ලබන ආයතන ලෙස පරිවර්තනය කිරීමට නව මොඩලයක් අවශ්‍ය බවත් එහෙත් රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් එය ජාතික වස්තුන්වලට සිදු කරන හානියක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අයි. එම්. එෆ්. ගිවිසුම අපට හිතකර ලෙස සකස් විය යුතු බවත් රාජ්‍ය සම්පත් විකුණා දැමීම තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සිදු විය යුත්තේ පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළි දරව් වූ සියලු සම්පත් රටට ලබා ගැනීම බවත් ජනතාවගේ කර පිට බදු බර පැටවීම ඉන් අඩුවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...