*
Monday, May 6, 2024
spot_img

Latest Posts

රනිල් – බැසිල් සාකච්ඡාවට මෙවර ඇමතිවරු කිහිපදෙනෙකුත්. පස්වැනි වරටත් එකඟතාවක් නෑ !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡා වටයක් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වී තිබේ.

මීට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ටිරාන් අලස් සහ කංචන විජේසේකර ද සහභාගී වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගතයුතු බව බැසිල් රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දී ඇති අතර අමාත්‍ය ටිරාන් අලස් මහතා ද ප්‍රකාශ කර ඇත්තේ මැයි දිනයෙන් පසුව ඉක්මනින්ම ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළයුතු බව ය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඊට සහාය ලබාගැනීම සඳහා සියලුම පක්ෂවලින් ලිඛිත ඉල්ලීමක් සිදුකිරීම වඩාත් සුදුසු බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති අතර විමල් වීරවංශ මහතාගේ පක්ෂය, උදය ගම්මන්පිල මහතාගේ පක්ෂය, ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම ඇතුළු පාර්ශ්ව ආපසු එක්කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමක් ද අවශ්‍ය බවයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් අවසානයේ ජනාධිපතිවරයා, ආණ්ඩුවේ කටයුතු බොහොමයක් සිදුකරගෙන යාමට අවශ්‍ය බැවින් ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජුනි මාසය අවසානයේදී ප්‍රකාශයට පත්කරන්නේ යැයි පවසා ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සිය යළි පැමිණීමෙන් අනතුරුව මෙසේ ජනාධිපතිවරයා හමුවූයේ පස්වැනි වතාවට ය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan