දරිද්‍රතා අනුපාතිකය තවදුරටත් ඉහළට.මූල්‍ය අංශයත් අවදානමක – ලෝක බැංකුවෙන් වාර්තාවක්

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වර්ෂයේදී 2.2%ක මධ්‍යස්ථ වර්ධනයක් පුරෝකථනය කර ඇති බවත් ලෝක බැංකු වාර්තා සඳහන් කරයි.

2022 වසරේ දැඩි ආර්ථික පසුබෑමෙන් පසු ස්ථාවර වීමේ සලකුණු පෙන්වුවද රට තවමත් ඉහළ දරිද්‍රතා මට්ටමක සහ ආදායම් අසමානතාවයට මුහුණ දී සිටින බව එහිදී පෙන්වා දී තිබේ.

මෙරට දරිද්‍රතා අනුපාතික අඛණ්ඩව සිවු වන වසරටත් ඉහළ ගොස් ඇති අතර 2023 වසරේ දී මෙරට ජනතාව 25.9%ක දරිද්‍රතා රේඛාවට පහළ මට්ටමක ජීවත් වූ බවදී අනාවරණය කර ඇත්තේ.

2026 වසර දක්වා 22%කට වඩා ඉහළ මට්ටමක මෙරට දරිද්‍රතා අනුපාතිකය පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර ප්‍රමාණවත් නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ඉදිරි දැක්මේ අවදානමද, මූල්‍ය අංශයේ දුර්වලතා සහ අර්බුදයේ කල්පවත්නා බලපෑම සම්බන්ධයෙන් අවදානම් පවතින බවයි එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...