පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයන් 800කට වැඩි පිරිසක් පිටුවහල් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ රැඳී සිටි ඇෆ්ගන් සරණාගතයන් 800කට වැඩි පිරිසක් ටෝකම් සහ ස්පින් බොල්ඩක් දේශසීමා ඔස්සේ පාකිස්තානයෙන් පිටුවහල් කර ඇතැයි Indian Defence News වාර්තා කළේය.

ගත වූ පැය 48 ඇතුළත රටින් පිටවන ලෙස ඇෆ්ගනිස්තාන සරණාගතයන් 837කට නියෝග කර තිබූ බවත්, ඉන් පුද්ගලයන් 468 දෙනකු ටෝකම් දේශසීමාව ඔස්සේ ඇෆ්ගනිස්තානයට පැමිණි බවත් සරණාගතයන් පිළිබඳ තලේබාන් ආමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ. ස්පින් බොල්ඩක් දේශසීමාව හරහා තවත් සරණාගතයන් 369 දෙනකු ඇෆ්ගනිස්තානයට සේන්දු වූ බව කාමා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තානයේ සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට ඇෆ්ගනිස්තානයෙන් පැමිණි පුද්ගලයන්ගේ සම්බන්ධයක් ඇතැයි එරට බුද්ධි අංශ තොරතුරු මත ඇෆ්ගන් සරණාගතයන් රටින් පිටුවහල් කිරීම සිදුවන අතර, පසුගියදා 800කට අධික පිරිසක් පිටුවහල් කරනු ලැබුවේ දෙවැනි පියවර ලෙසටය.

පාකිස්තානයේ සිට නැවත පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන්ට නිවාස, වෛද්‍ය පහසුකම් සහ එම පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බරපතළ ගැටලුවක් වනු ඇතැයි ද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි කරමින් , හෙලයේ ගීත...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...