හිටපු ජනපති මෛත්‍රිට අතුරු තහනම් නියෝගයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):අද (24) දිනදී, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ නිකුත් කළ බව පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබූ බව වාර්තා වේ.

මොන්ටේගු සරත්චන්ද්‍ර 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද,ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු පැහැදිළි කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...

පැසිෆික් සාගරයේ යාත්‍රාවකට එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදාව පුද්ගලයින් දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් සාගරයේ යාත්‍රාවකට...