ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග කළ පළමු තරගයේදීම ගිමිහානි වීරවරිය වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 24, කොළඹ (LNW): ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුදුසුකම් ලැබූ 15 හැවිරිදි ශෂිනි ගිම්හානි ජාතික කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි පළමු තරගයේදී ම තරගයේ වීරවරිය වෙන්නට සමත් වෙමින් ලකුණු 12 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වුණා.විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන තරගාවලියේ පෙර පුහුණු තරගයකදී වනාටු කණ්ඩායමට එරෙහිව ගිම්හානි මේ දස්කම දැක්වීමට සමත් වුණා.


කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් වනාටු කණ්ඩායම පන්දු ඕවර් 17 දී සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 58 ක් පමණයි.මෙම තරගයේදී චමරි අතපත්තු ක්‍රීඩා නොකළ අතර නායකත්වය දැරුවේ අනුෂ්කා සංජීවනීයි.ලකුනු 58 ලබා ගැනීමේදී වනාටු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කළ වැලෙන්ටා ලැන්ගිආටු ලකුණු 12 ක් ලබා ගත්තා.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ගිම්හානිට අමතරව උදේශිකා ප්‍රබෝධනි සහ අචිනි කුලසූරිය ලකුණු 8 බැඟින් ලබා දී කඩුලු 2 බැඟීන් ලබා ගත්තා. ඉනෝකා රණවීර ලකුණු 14 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.


අවශ්‍යය ඉලක්කයට පන්දු ඕවර් 8.2 දී ළඟා වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.නායිකා අනුශ්කා සංජීවනී පන්දු 6 දී ලකුණු 11 ක් ලැබ දැවි ගියා.ශ්‍රී ලංකාවට අහිමි වූ එකම කඩුල්ල එය වු අතර හසිනි පෙරේරා පන්දු 28 දී ලකුණු 27 ක් නොදැවී සහ හර්ෂිතා සමරවික්‍රම පන්දු 16 දී නොදැවී ලකුණු 14 ක් නොදැවී ලබා ගනිමින් නව වන පන්දු ඕවරයේ දෙවැනි පන්දුවේදී ශ්‍රී ලංකා ලකුණු පූවරුව 59 ක් බවට පත් කළා.


ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-qualifier-warm-up-matche-2024-1425614/sri-lanka-women-vs-vanuatu-women-warm-up-1425636/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...