නැවතීමක් නැති ශ්‍රීලනිප ගැටලුව අධිකරණයටත් යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW):අද  (24) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන ප්‍රධාන ලේකම් සාරථි දුෂ්මන්ත මහතාට, එම ධූරවල කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝග නිකුත් කළ බව පැවසේ.

මෙම වාරණ නියෝග නිකුත් කෙරුණේ මැයි 8 දක්වා බලපැවැත්වෙන පරිදි වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කර ඇත.

පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් ,විත්තිකරුවන් එම ධුරවලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බව සඳහන් කරඇති අතර, විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවත්, වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත්, ඔහු  පෙන්වා දුන් බව පැවසේ.

එසේම පසුගිය 21 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධුරවලට තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ  රැස්කල විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත්  ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා පවසා ඇත.

ප්‍රධාන දිසා විනිසුරුවරයා විසින්, විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කළ අතර  ලබන මැයි 8 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙස නියෝග කළ බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...