කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටී අනතුරක්!

0
348

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 24, කොළඹ (LNW): මීට ටික වෙලාවකට පෙර, කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් අනතුරක් සිදුව තිබෙන අතර, ඉන් ලොරි රථයකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදුව ඇති බව සඳහන් වේ.

 එම ස්ථානය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන අතර අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.