Exclusive : මෛත්‍රී සහ නිලන්ත අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය නීතිපති මතය විමසයි !

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ව මෙසේ අත් අඩංගුවට ගැනීමට සැරසෙන බව සඳහන්.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් 60 දෙනෙකු ද සමග පාප් වහන්සේ හමුවීම සඳහා මේ වනවිට වතිකානුවට ගොස් සිටින අතර මෙම පියවර රජයට ඉතාමත්ම දැඩි බලපෑමක් වී තිබේ.

විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වතිකානුවේ ආධාර ඇතිව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි (ICC) නඩු පැවරීමේ සුදානමක් ද කතෝලික සභාවට ඇති බව වාර්තා වි ඇත.

ඒ අනුව ඔවුන් එවන් පියවරකට යෑමට පෙර වහාම මෙරටදී මෙම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති, එහෙත් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සහ එවකට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව අත් අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ඉහත කී පරිදි වතිකානුවේ ආධාර යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙහි නඩු පැවරීමක් සිදුවුවහොත් මෙරට වගකිවයුතු පාර්ශ්වයන්ට ලෝකයෙහි කතෝලික ප්‍රජාව සිටින කිසිදු රටකට යෑමට නොහැකි තත්වයක් පවා උද්ගත වීමේ අවදානමක් ද නිර්මාණය වියහැකි බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වරම අතට ගත් වර්මා හතර අතට පහර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 24, කොළඹ LNW: දෙවන කාන්තා විස්සයි විස්ස...

දිට්වා ධීවර ක්ෂේත්‍රයට කළ හානිය – කෝටි 750 ක් ඉක්මවා විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ධීවර ක්ෂේත්‍රයට...

චීනයේ Bohai මුහුදෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්!

කොළඹ LNW:ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6...

මාලිමාව උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර...