සමගි ජන බලවේගයේ 50 වෙනි හුස්ම රත්නපුරට !

0
759

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 50වන පියවර ලෙස රුපියල් හැටනව ලක්ෂ පනස්දහසක් (රු. 6,950,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ ඊයේ (23) දිනයේදී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, රුපියල් 6,950,000 වටිනා ICU Ventilator යන්ත්‍රයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 49ක් තුල ලක්ෂ 1316ක (රුපියල් 131,650,900) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

May be an image of 3 people
May be an image of 8 people, people sitting and people standing
May be an image of 2 people and people standing
May be an image of 4 people, people sitting and people standing
May be an image of 5 people and people standing
May be an image of 5 people, people sitting and people standing
May be an image of 2 people, people sitting, people standing and indoor

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here