*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාව චීනයට අනෙකුත් ණයහිමියන්ට මෙන් සමානව සැලකිය යුතුයි: ඉන්දියාව

ශ්‍රී ලංකාව ඔවුන්ගේ අනෙකුත් ණයහිමියන් හා සමානව චීනයට ද සැලකිය යුතු බව ඉන්දියාව පවසයි.

ඉන්දියානු මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලට අදාළ සාකච්ඡා ආරම්භ වීමත් සමඟ ඔවුන්ගේ අනෙකුත් ණය හිමියන් හා සමානව චීනයට ද සැලකිය යුතු බව තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවට දැනුම් දුන් බවයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ ඉකුත් සිකුරාදා දින වොෂිංටනයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවට ජූලි මාසයේදී ගෙවීමට ඇති චීන ණය ගෙවා දැමීම සඳහා ඩොලර් බිලියන 01 ක් ද, අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා තවත් ඩොලර් බිලියන 1.5 ක් ද ලබා දීමට චීනය එකඟ වී ඇත.

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආනයන වලට අදාළ ගෙවීම් සිදුකිරීම සඳහා අවශ්‍ය ඩොලර් වල විශාල හිඟයක් පවතී. මෙම පසුබිම තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවෙන්, ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර අපේක්ෂා කරමින් සිටී.

ඉන්දියානු මුදල් අමාත්‍යවරිය පවසන්නේ, කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කඩා වැටී ඇති බැවින්, අඩු-ආදායම්ලාභී රටවල් වලට පමණක් ලබා දෙන අධාර ශ්‍රී ලංකාවට ද කඩිනමින් ලබා දෙන ලෙස තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බවයි. 

ශ්‍රී ලංකාව මධ්‍ය-ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය වී ඇති මුත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ආධාර ලබාදීමට කටයුතු කරන මෙන් ඉන්දියානු මුදල් අමාත්‍ය සීතාරාමන් මහත්මිය ඉල්ලා සිටියි.

විදේශ විනිමය ඉපයීම් පහත වැටීමත් සමඟ ලංකාවේ විදෙස් ණය කළමනාකරණය කර ගැනීමේ බරපතල ගැටළුවක් මතුව පවතී. යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීනයෙන් ලබාදුන් ණය හේතුවෙන් මෙම අර්බුදය උත්සන්න වී තිබේ.

2020 අවසන් වන විට ශ්‍රී ලංකාව රාජ්‍ය ව්‍යවසාය සඳහා ලබා ගත් ණය හැර චීනයෙන් ඩොලර් බිලියන 3.5 ක පමණ ණය ප්‍රමාණයක් ලබා ගෙන ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය සහාය ලබා ගැනීමේදී ණය කාලසීමාව ඇතුළු ගැටළු රාශියක් ආමන්ත්‍රණය කළ යුතුව ඇති බවයි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ඇතැම් ණයහිමියන්ගෙන් රජය ඉල්ලා ඇති අතර, ණය ලබා ගැනීම සඳහා චීනය, ජපානය සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විවිධ පාර්ශවයන්ගේ සහාය බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

ඉන්ධන සඳහා දැනට පවතින ඩොලර් මිලියන 500 ක ණය පහසුකම දෙගුණ කිරීමට ඉන්දියාව දැනටමත් එකඟ වී ඇති අතර, ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමය හරහා කළ යුතු ඩොලර් බිලියන 1.5 ක පමණ ආනයන ගෙවීම් කල් දැමීමට ද එකඟ වී ඇත. එය ඉකුත් ජනවාරි මස ලබා දුන් ඩොලර් මිලියන 400 ක හුවමාරුවේ කාලය ද දීර්ඝ කර ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිවේදනය කර තිබේ.

ලෝක බැංකුව සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක බව පෙන්වා දෙන අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ, එළඹෙන සති හතරත් – මාස හයකුත් පමණ වූ කාලය තුළ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් බලාපොරොත්තු වන බවයි. එයින් භාගයක් ආර්ථික අපහසුතා ඇති ජනතාවට සෘජු මුදල් හුවමාරු ලෙස ලබා දෙනු ඇති බව ද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායට අමතරව, සේතු-මූල්‍යකරණය (bridge financing) සුරක්ෂිත කිරීම සහ වසරක් හෝ ඊට වැඩි කාලයක් තුළ රට නැවත වර්ධන මාවතකට ගෙන ඒම සඳහා රජය අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඉදිරි දින 10 – 15 ක කාලය තුළ ණයහිමියන් සමඟ විධිමත් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මූල්‍ය උපදේශකයන් සහ ජාත්‍යන්තර නීති සමාගමක් පත්කිරීමට ද රජය සැලසුම් කරන බව ඔහු අවධාරණය කළේය.

ජනතාවට අවශ්‍ය ඖෂධ සහ අනෙකුත් අවශ්‍යතා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ද එකඟ වී ඇති බව මුදල් අමාත්‍යවරයා සැල කළේය.

එමෙන්ම, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ද ඉන්ධන මිළදී ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක මුදලක් ලබා දීමට එකඟ වී ඇති බවත්, ආසියානු නිෂ්කාශන සංගමය හරහා ගෙවීමට ඇති ඩොලර් බිලියන 1.4 ක මුදල ලබන වසරේ ජනවාරි දක්වා කල් දැමූ බවත් අලි සබ්‍රි අමාත්‍යවරයා අනාවරණය කළේය.

මීට අමතරව, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඩොලර් බිලියන 01 ක මුදලක් ඉල්ලා ඇති බවත්, ඊට පසුව තවත් ඩොලර් බිලියන 01 මුදලක් ණය වශයෙන් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති බවත් මුදල් අමාත්‍යවරයා පැවසීය. මෙම ඉල්ලීම ඉන්දියාව විසින් සලකා බලමින් සිටින බව ද ඔහු සිහිපත් කළේය.

තව ද, එක්සත් ජනපදයේ ආර්ථික විශේෂඥයන් හමුවී තමා කරුණු සාකච්ඡා කළ බව ද අලි සබ්‍රි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හදිසි අරමුදල්, සේතු මූල්‍යකරණය සහ වර්ධන මාවත ඉලක්කකරගත් මූල්‍යකරණය ලෙස අරමුදල් ලබා ගැනීමේ උපායමාර්ග තුනක් ඇති බව ද මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේය.

ණය තිරසාර විය යුතුය යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියට යටත් වීමට ශ්‍රී ලංකාවට සිදුවන බවත්, කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා, ණයහිමියන් සමඟ සාකච්ඡා සහ මූල්‍ය ප්‍රතිසංස්කරණය වැනි පියවරයන් ගැනීම පිළිබඳව රජය අවධානය යොමුකරමින් සිටින බව ද හෙතෙම පැවසීය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan