පිළිකාවට එරෙහිව සටන් වදින අතරේ අරගලයට සහාය දෙන නිමල් අයියාගේ උපවාසය !

Date:

නිමල් දිසානායක හෙවත් නිමල් අයියා බොහෝ කලක් පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්‍රණ කළමණාකරුවා ලෙස සේවය කළේය.

එම ආයතනය වැසී ගිය පසු විදර්ශන ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශන කළමණාකරු ලෙස ඔහු ටික කලක් සේවය කළේය.

ලංකාවේ සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශනය උසස් නිමාවකට රැගෙන ඒමට 2000 වසර වල මුල් කාලයේ පියසිරි ප්‍රින්ටින් සිස්ටම්ස් ආයතනය හරහා ඔහු සුවිශාල වැඩ කොටසක් ඉටු කළේය.

කේ. ජයතිලකගේ සිට මොහාන් රාජ් මඩවල දක්වා ලේඛකයන් සුවිශාල ප්‍රමාණයකගේ කෘතිවල සෝදුපත් කියවන්නා වූයේද ඔහුය.

මුල් යුගයේ විදර්ශන ප්‍රකාශන අත්පත් කරගත් බොහෝ මුද්‍රණ නිමාවන්වල පිටුපස සිටි විශාල ශක්තීන් අතරින් කෙනෙකි නිමල් දිසානායක හෙවත් නිමල් අයියා.

දිග කාලයක සිට නිමල් අයියා සිටින්නේ පිලිකා රෝගයෙන් පීඩා විඳිමින් ය.

මේ නිශ්චිත මොහොතේ නිමල් අය්යා වැන්නෙකු මේ රැගෙන තිබෙන තීරණය ලෙහෙසි පහසු එකක් නොවේ. සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් මිනිසුන්ටවත් ලෙහෙසියෙන් ගත නොහැකි එකකි.

ඒ ලාංකීය දේශපාලනයේ යහ සෞඛ්‍යය වෙනුවෙනි.

පාඨකයනි, ලේඛකයනි, ප්‍රකාශකයනි, මුද්‍රණකරුවනි නිමල් අයියාට සවියක් වන්න.

gogotahome2022 වෙත සහය දක්වමින් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දොරටුව ඉදිරිපිට නිමල් අයියා මාරාන්තික උපවාසයේ නිරතව සිටියි.

  • ජනක ඉණිමංකඩ
May be an image of 2 people, people standing and outdoors
May be an image of 1 person

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...