පාකිස්තානුවන්ට පැය 48ක් ඇතුලත සිය රටින් ඉවත්වන ලෙස ඉන්දීය රජය නියෝග කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ රැඳී සිටින සියළුම පාකිස්තානු ජාතිකයන්ට පැය 48ක් ඇතුළත සිය රටින් පිටව යන ලෙස ඉන්දීය රජය නියෝගකර ඇති බව වාර්තා වේ.

ඊයේ(23)දිනයේදී ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි හිදී දේශීය සංචාරකයින් 26 දෙනෙකුට මාරු කඳවු වෙඩිතැබීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය මෙම තීරණය ගෙන තිබේ.

දිල්ලියේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ට ඉන්දියාවෙන් ඉවත්වීමට සතියක කාලයක් ලබා දී ඇති අතර ප්‍රහාරයේ වගකීම කිසිවකු භාරගෙන නොමැති මුත්, කාශ්මීරයේ ඉස්ලාමීය සටන්කාමීන් විසින් මෙය දියත් කරන්නට ඇති බව ඉන්දීය රජය විශ්වාස කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රැස්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ හදිසි කැබිනට් කමිටු සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මිට අමතරව මෙහිදී, ඉන්දියාව විසින් පාකිස්තානය සමග දශක ගණනාවක් පැරණි ඉන්දුස් ජල ගිවිසුම දින නියමයක් නොමැතිව අත්හිටුව ඇති අතර මේ හේතුවෙන් පාකිස්තානයේ ජල සැපයුමට දැවැන්ත බලපෑමක් එල්ලවන අතර, මිලියන සංඛ්‍යාත ජනතාවට මෙය ඍජු ලෙසම බලපානු ඇති බව කියැවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...