හිටපු ජනාධිපතිවරුන්ගේ වාහන තුනෙන් එක බැගින් ආපසු රජයට ගනී

0
1017

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු ජනාධිපතිවරුන් සඳහා ජනාධිපති කාර්යාලයෙන් ලබාදී ඇති වාහන තුනෙන් එකක් නැවත ජනාධිපති කාර්යාලයට භාරදෙන ලෙස ලිඛිතව දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් නන්දික කුමානායක මහතා විසින් අප්‍රේල් 19 වනදා නිකුත් කර ඇති අදාළ ලිපි මගින් දැනුම් දී ඇත්තේ අප්‍රේල් 23 වන දිනට පෙර අදාළ වාහනය ආපසු භාරදෙන ලෙස ය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.