දළදා දැක්මේ සැබෑ තත්ත්වය මෙන්න – පොලීසියෙන් විශේෂ නිවේදනයක්!

Date:

කොළඹ LNW:නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දළදා වන්දනාව සඳහා මේ වන විටත් ලක්ෂ හතරක පමණ ජනතාවක් මහනුවර නගරයට ඒකරාශී වී සිටින ආතර තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා උක්ත පියවර හෙන තිබේ.

දළදා වන්දනා මෙහෙයුම් කමිටුව ලෙස අද දිනයේදී විශේෂ තීරණයක් ගනිමින් ජනතාවට දැනුම් දෙන්නේ පැමිණ සිටින ජනතාව කළමනාකරණය කරගැනීමට හැකි වුවුහොත් දළදා වන්දනාව සඳහා නැවත පැමිණිය හැකි බවට වූ නිවේදනය නිකුත් කරන බවයි.

විශාල පිරිසක් එක භූමි ප්‍රදේශයක රැස්ව සිටීම මඟින් ආරක්ෂාව මෙන්ම සනීපාරක්ෂාව ඇතුළු සමාජීය ප්‍රශ්න ද බලපැවැත්වෙන හෙයින් ඒ ගැන අවධානය යොමුකර නැවත දැනුම් දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියේය.

ඒ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා මහනුවරට ළඟා වීම වළක්වමින් අදාළ මාර්ගවලින් දළදා වන්දනාවට පැමිණෙන වාහන නැවත හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...