එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් අල්ලස් ගත්තේ කවුද? අධිකරණ ඇමතිත් ඩීල් එකකද? (VIDEO)

Date:

කොළඹ LNW: එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල අඩු කර ගැනීම සඳහා ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලස් ලෙස ශ්‍රී ලාංකිකයෙකු විසින් ලබා ගෙන ඇති බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශය පාදක කරගෙන අද (24) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල්,කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා යන මන්ත්‍රීවරුයි ඒ සඳහා එක්ව සිටියේ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පැවසුවේ උක්ත අල්ලස් මුදල ලබා ගෙන ඇත්තේ කවුද යන ප්‍රශ්නය මෙන්ම මෙම නෞකාවේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට අධිකරණයක නඩුව පවරා උපරිම වාසියක් ලබා ගත හැකිව තිබියදී සිංගප්පුරුවේ දී නඩුව පැවරීමට ඩොලර් මිලියන 4.5ක් වැයවන තත්ත්වයක අධිකරණ ඇමතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව චේතනාන්විතව එය පැහැර හැරියාද ඒ තුළත් කුමන හෝ ඩීල් එකක් පැවතුනේද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව ඇමති පන්නිලගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:නවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD) මගින් සංවිධානය...

ඉහළම දක්ෂතා සමඟ පරාජය වීමේ හේතුව….?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 11, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ මාල...

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...